Connect with us

පුවත්

මා වැරදි නම් නිවැරදි කරන්න; බාර් පර්මිට් 2000ක් මන්ත්‍රීලා ළඟ – ඩලස්

Published

on

රට තුළ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන බවත්, ඉන් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර සිටි මන්ත්‍රිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.

රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සුරා වෙළෙඳුන්, මත් වෙළෙඳුන් බවට පත්වී ඇති විටෙක පාසල් ළමුන්ගේ බෑග් පරික්ෂා කිරීම වෙනුවට කළයුත්තේ මත් වෙළෙඳුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීම බවද ඊයේ (26දා) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

“මේ පිරිසගේ නම් කියන්න මම කවදාත් පැකිළෙන්නේ නැහැ. මම මේ පාපයට සම්බන්ධ නොවෙච්ච කෙනෙක්. අවශ්‍ය වෙලාවට ඒ සියලු දේ හෙළිදරව් කරන්නම්. මාධ්‍ය ආයතන විදිහට, ගවේෂණශීලී මාධ්‍යවේදීන් විදිහට මම ඔබටත් ආරාධනා කරනවා, එක්කෝ මම වැරැදි නම් මාව නිවැරැදි කරන්න. රටට කියන්න මේ කරපු ප්‍රකාශය වැරැදියි කියලා. එහෙම නැත්නම් ඒ තොරතුරු මත පදනම් වෙලා ඔබ ඉදිරියට යන්න. මම ඔබත් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය තොරතුරු, සියලු දත්තයන් සමග සමාජගත කරන්න එකතු වෙන්නම්” යැයි මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved