Connect with us

පුවත්

මැතිවරණ පැමිණිලි 3800ක්ම විසඳලා අවසන්

Published

on

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තාවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජාතික මැතිවරණ පැමිණිලි කළමනා කරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 1,379 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනා කරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 3,032 ක් ලැබී ඇති බවය.

සමස්ත පැමිණිලි 4,411 න් 3,828 ක්ම විසඳා අවසන් කර තිබේ.

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved