Connect with us

පුවත්

මැලේරියා යළි හිස ඔසවයි

Published

on

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා ප්‍රකාශ කර සිටී.

මෙම රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බව අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකාව තුල අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ 2012 දී වුවත් 2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

රෝගීන් බහුතරයක් සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් බව විශේෂඥ වෛද්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. 

පුවත්

ත්‍රිකුණාමලෙනුත් මාලිමා මන්ත්‍රීලා 2ක් 

Published

on

By

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 87,031ක් ලබාගත් ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ඉලංකෙයි තමිල් අසුරු කච්චි පක්ෂයට එක් මන්ත්‍රි ධුරය බැගින් හිමිවී තිබේ.

ජාතික ජන බලවේගය – 87,031

සමගි ජන බලවේගය – 53,058
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 34,168
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 9,387
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 4,868

Continue Reading

පුවත්

බදුල්ලෙනුත් NPP එකට මන්ත්‍රී ධූර 6ක්

Published

on

By

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 275,180 ක් ලබාගත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 6ක් හිමිකරගෙන ඇත.

ඊට අමතරව ඡන්ද102,958 ක් ලැබූ සමගි ජන බලවේගය ආසන 2ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 36,450ක් ලබා ගනිමින් එක් ආසනයක් දිනාගෙන ඇත.

සෙසු පක්ෂ ලබාගත් ඡන්ද මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,255
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 9,656

Continue Reading

පුවත්

මාතරින් මාලිමාවෙන් 6ක් මැති සබයට 

Published

on

By

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ඡන්ද 317,541ක් ලබා ජාතික ජන බලවේගය මන්ත්‍රි ධූර 6ක් හිමි කරගෙන තිබේ.

ඊට අමතරව සමගි ඡන්ද 74,475 ක් ලබාගනිමින් සමගි ජන බලවේගයට ආසන 1ක් හිමිවී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved