Connect with us

පුවත්

මැලේසියාව හා පැවති ගිවිසුමක් දීර්ඝ කරන්න කැබිනට් අනුමැතිය

Published

on

මැලේසියාව හා අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීමටයි.

දෙරට අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්‍යාත්මක සහයෝගීතාව විධිමත් හා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය අතර, පස් වසරක කාල සීමාවක් සඳහා 2016 වර්ෂයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.

එම අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව මේ වනවිට අවසන් වී ඇති අතර එකී ගිවිසුම තවත් වසර පහක් සඳහා දීර්ඝ කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.

පුවත්

දෙහිවල ඇලක් රතු වෙන්න තීන්ත හැලූ පුද්ගලයා අත්අඩංගුවට

Published

on

By

දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ සිට අත්තිඩිය වැව හරහා කටු ඇල දක්වා යන ඇල මාර්ගයට තීන්ත වර්ගයක් මුදහැරීමේ චෝදනාව මත සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුවය.

අත්තිඩිය වැව හරහා කටු ඇල දක්වා යන ඇල මාර්ගයේ රසායනික වර්ගයක් මුසුවී සම්පූර්ණ ඇල මාර්ගයේම ජලය කවුඩන ප්‍රදේශයේ රතුපැහැ ගෙන ඇති බවට පසුගිය සතියේ වාර්තා විය.

ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්දයෙන් පොලිස් පරිසර ඒකකය මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය දැනුවත් කර තිබුණි.

මෙහිදී අනාවරණය වී ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක තිබූ අදාළ රතු පැහැති තීන්ත සහිත බැරලය ඉවත් කරන ලෙස අත්අඩංගුවට ගත් සැකකරුට යම් පාර්ශවයක් උපදෙස් ලබා දී ඇති බවය.

ඒ අනුව,  අදාළ බැරලය ඔහු සිය නිවසට රැගෙන ගොස් තබා ඇති අතර පසුගිය දිනවල ඇති වූ වර්ෂාවත් සමඟ ඒවා පෙඟී තිබේ.

ඉන් අනතුරුව සැකකරු විසින් එය ඇල මාර්ගයට මුදාහැර ඇති බවටයි තොරතුරු වාර්තා විය.

දින තුනකට ආසන්න කාලයක් මෙම ඇල මාර්ගයෙහි ජලය රතු පැහැය ගෙන තිබූ බව සඳහන්. ප්‍රදේශවාසීන් සිදු කළ පැමිණිලි අනුව විමර්ශනය සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරුට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර ඔහුට මහේස්ත්‍රාත්වරිය දැඩි ලෙස අවවාද කර තිබුණි.

Continue Reading

පුවත්

ඡන්ද පෝස්ටර් එක්ක දෙන්නෙක් මාට්ටු

Published

on

By

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්‍නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන  තිබු නීති විරෝධී  ප්‍රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය පවසයි.

කින්නියා, බුහාරි අඩි හන්දියේ  පිහිටි මැතිවරණ කාර්යාලයක හා ඒ ආසන්න තවත්  මැතිවරණ කාර්යාලයක තිබී මෙම පෝස්ටර් තොගය සමඟ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එම කාර්යාල පරික්ෂා කිරීමේදී මෙම පෝස්ටර් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Published

on

By



විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය.

ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved