Connect with us

පුවත්

මිද්දෙණියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවේ(UPDATE)

Published

on

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විදෙස් ගතව සිටින අතර ඔහු දරුවන් දෙදෙනා සමග ජීවත්ව ඇති බවට මූලික විමර්ශනෙවලදී අනාවරණය වී ඇත.

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ  සිදුකළ වෙඩිතැබීමකින් සය හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කළ එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 9 හැවිරිදි තවත් පිරිමි දරුවෙකු මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී  ඔහුගේ දියණිය සහ පුත්‍රයාද ඔහු සමග යතුරුපැදියේ ගමන් කර තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඉන් යතුරුපැදියේ ගමන් කළ කුඩා දියණිය සහ පුත්‍රයාද බරපතළ තුවාල ලබා ඇති අතර  6 හැවිරිදි දියණිය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි පුත්‍රයා මේවනවිට ප්‍රතිකාර ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලීසිය පැවසුවේ ඨ්56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට මිද්දෙණිය පොලිසීය විමර්ශන ආරම්භ කර තිබේ

(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව11.19)


මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ  පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා මියගොස් තිබේ.

ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) මෙලෙස මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙකි.

(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව.7.08)


මිද්දෙණියේ වෙඩි තැබීමක්, තාත්තයි හය හැවිරිදි දුවයි මරුට

තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු හා දියණිය මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සිය දියණිය හා පුත්‍රයා සමග ඊයේ (18) රාත්‍රී 10.15 ට පමණ යතුරු පැදියකින් යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

තුවාල ලැබූ ඔහුගේ දියණිය තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පුත්‍රයා ඇතුළත් කර ඇත්තේ, ඇඹිලිපිටිය රෝහලටයි.

6 හැවිරිදි දියණිය රෝහලේදී මියගොස් ඇත.

T 56 ගිනි අවියකින් වෙඩි තැබීම කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved