මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30, 38 වයසේ පසුවන අගුලුගහ සහ කෝට්ටේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 500 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මිදිගම ගොවියපාන පාලම අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාළු ව්‍යාපාරිකයාට ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් යොදා ගනිමින් වෙඩි තබා තිබුණි.
පොලිසිය පවසන්නේ, එහිදී එම මාළු ව්‍යාපාරිකයා මියගොස් තිබූ අතර මාළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ, අහංගම – දේණුවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කැලුම් චතුරංග නමැති දෙදරු පියෙක් බව පොලිසිය පවසයි.
(පෙර පුවත 2024 සැප්තැම්බර් 19, පෙ.ව.11:03)
මිදිගම වෙඩි තැබීමක්
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු අහංගම ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය අගෝස්තු 4 වනදා වෙඩි තබා ඝාතනය කළ අයගේ සහෝදරයා බවද පොලිසිය සඳහන් කලේය.
එම අවස්ථාවේදී මාළු මිලදී ගැනීමට පැමිණි තවත් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණි.