මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගලයින් 4ක් තලෛයිමන්නාරම වැලිපර ආශ්රිත මුහුදේ දී ඉකුත් 21 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා හා ගජබා ආයතන එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.
අදාළ පුද්ගලයින් 04 දෙනා සමඟ ඩිංගි යාත්රා 02ක් වලංගු ධීවර බලපත්ර නොමැතිව එම මුහුදු ප්රදේශයේ රැඳී සිටිම හා නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටක සිට මෙරටට අනවසර සංක්රමණිකයන් රැගෙන ඒමට සූදානම්ව සිටි බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද හා වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
අදාළ සැකකරුවන් අවුරුදු 28ත් 45ත් අතර වයසේ පසුවන මන්නාරම පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවන්ය.
ඩිංගි යාත්රා 02ක හා සැකකරුවන් 04 දෙනා පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු තලෛයිමන්නාරම පොලිසිය වෙත හා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.
(මුලාශ්රය – Navy.lk)