Connect with us

පුවත්

මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

Published

on

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණයට ආයිදෘස් ඉල්ලියාස් මහතා ඉදිරිපත්ව සිටියේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.

නමුත් ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය අගෝස්තු මස 22වෙනි දින රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය.

නමුත් ඔහු වෙනකොට කිසිදු ස්වාධීන අපේක්ෂකයෙක් පත් කළේ නැත .

මේ හේතුවෙන් ජනාධිපතිවරණයේදී ආයිදෘස් ඉල්ලියාස් මහතාට ලැබෙන ඡන්ද සියල්ලම අවලංගු ඡන්ද සේ සැලකීමට තීරණය කර තිබේ.

පුවත්

තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිට

Published

on

By

තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිවූ කරුණුවලට අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් ද එල්ල වී ඇති චෝදනා පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චෝදනාවලට ලක්වූවන්ට නඩු දැමීමට නීතිපතිවරයාට අදාළ වාර්තාව යොමුකරන බව කෝප් කමිටු සාමාජික මන්ත්‍රි අසිත නිරෝෂණ පැවසීය.

පසුගිය දා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම්වලදී රනිල් වික්‍රමසිංහ රජය එම ආයතනයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ සිද්ධි රැසක් හෙළිවූ බවද ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩතහනම් කර ඔවුන් පිළිබඳ දීර්ඝව පරීක්ෂණ කිරීමට වර්තමාන තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්‍වරයාට උපදෙස් දුන් බවද අසිත නිරෝෂණ මන්ත්‍රිවරයා කීය.

තරුණ සේවා සභාවේ සිදුවූ දූෂණ පිළිබඳ චෝදනාකරුවන්ට අනිවාර්යයෙන් ම නීතිපතිවරයා හරහා නඩු දමන බව ද මේ සතියේදී ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුවට ගෙන්වන බවද අසිත නිරෝෂණ මන්ත්‍රිවරයා පැවසීය.

 – මව්බිම පුවත්පත –

සබැඳි පුවත්

Continue Reading

පුවත්

සාධාරණ මිලට හොඳම කෑම කන්න රජයෙන් ආපනශාලා

Published

on

By

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක්  සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා  ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා  ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ  ආපන ශාලාව අප්‍රේල් 01 වන දා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය.

මේ අතර දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක්  මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ  නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ  (27)  ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම  පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගික ජනතාවට නිසි  සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම  ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස යෙදවීම මෙන්ම පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසා බැලිනි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

මිල්කෝ සේවකයන්ට අවුරුද්දට බෝනස් නැතැයි ගෝඨා කියයි

Published

on

By

මිල්කෝ සේවකයන්ට මේ වසරේදී බෝනස් ගෙවීමට අපහසු තත්ත්වයක් පවතින බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. 

ඒ භාණ්ඩාගාරයෙන් ලද චක්‍රලේඛ අනුව පාඩු ලබන ආයතනවලට බෝනස් ලබාදීමේ හැකියාවක් නැති නිසා බවද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ද සහභාගි විය.

2023 වසරේ මිල්කෝ ආයතනයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 501 ක් බවත්, ඉකුත් වසරේ (2024) අලාභය රුපියල් මිලියන 34 ක් බවද සභාපතිවරයා පැවැසීය.

මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඈවර කර ඉන්දියානු සමාගමක් සහ දේශීය සමාගමක් ඒකාබද්ධ සමාගමකට බාර දෙන්න සූදානම්ව පැවැති බවත්, ඉකුත් වසරේදී රුපියල් මිලියන 1800 ක බැංකු අයිරාවක් පැවැති බවත්, කිරි ගොවීන්ට හා වෙනත් සැපැයුම්කරුවන්ට තවත් රුපියල් මිලියන 1,200 ක් පමණ ගෙවීමට පැවැති බවත් ඔහු පැවැසීය.

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන දෙකක ආදායමක් ලබා ගැනීමට ආයතනයට හැකිවූ බවත්, ගොවීන් සැපයූ කිරි සඳහා ගෙවීමට තිබූ හිඟ මුදල වූ රුපියල් මිලියන 500 ගෙවා අවසන් කිරීමට හැකිවූ බවත්, අනෙකුත් සැපැයුම්කරුවන්ට මේ වන විට රුපියල් මිලියන 700 ක් පමණ ගෙවා අවසන් කර තිබෙන බවත් ඔහු කීවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved