පුවත්

මිලියන 55ක් වංචා කළ දොස්තර අත්අඩංගුවට

Published

on

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 වන වෛද්‍යවරයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Trending

Exit mobile version