Connect with us

පුවත්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

Published

on

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් තුළ වෙඩි තෑබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසැලකට කඩා වැදුනු ගිනිඅවි රැගත් පුද්ගලයින් දෙදෙ‌නෙකු විසින් එහි මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ලකා පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ආයගේ උදරය ප්‍රදේශයට වෙඩි උණ්ඩ තුනක් වැදී ඇති අතර, ඇය මේවන විට හෝමාගම හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පැවසේ.

පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට

Published

on

By

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් විය.

ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වූයේ පෙරවරු 7.00ටය.

එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, කෑගල්ල, සීතාවකපුරම, කොළඹ උතුර, කළුතර, කැලණිය, තෙල්දනිය, මාතර, මුතතිව් ප්‍රදේශවලින් සිදුවීම් දෙක බැගින් වාර්තා වී තිබුණි.

Continue Reading

පුවත්

මැතිවරණය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

Published

on

By

නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ මැතිවරණ ආවරණයට ගොස් සිටියදී මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙසේ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ දමිළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයත කිහිපයක ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් කටයුතු කරන එස්.සතිස් මහතාටය.

මෙහිදී අදාළ මාධ්‍යවේදියාට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් හිසට පහර දී ඇති අතර ඔහු බරපතල තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (14) ඇතුළත් කර තිබේ.

මේ වන විට බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සතිස් කුමාර් මහතා පවසන්නේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේදී අද (14) දින පස්වරුවේ බිමත්ව තමන් පිටුපසින් පැමිණි පුද්ගලයෙකු අසල වෙලදසැලකින් පිහියක් රැගෙන තමාගේ හිසට පහර දුන් බවය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග වැදුණු අපෙක්ෂිකාවකගේ ආධාරකරුවෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කළ බවත් සතිස් මහතා තවදුරටත් පවසා තිබේ.

Continue Reading

පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට

Published

on

By



පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් විය.

ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වූයේ පෙරවරු 7.00ටය.

එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, කෑගල්ල, සීතාවකපුරම, කොළඹ උතුර, කළුතර, කැලණිය, තෙල්දනිය, මාතර, මුතතිව් ප්‍රදේශවලින් සිදුවීම් දෙක බැගින් වාර්තා වී තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved