Connect with us

පුවත්

මීගොඩ කොල්ලයේ මහ මොළකරු කෝටිපතියෙක්!

Published

on

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සල කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් රැසකට සම්බන්ධ මහ මොළකරු වන කෝටිපති ව්‍යාපාරිකයකු, වෙඩික්කරු ඇතුළු සංවිධානාත්මක කල්ලියක පස්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

මංකොල්ලයේ මහ මොළකරු තිස්සමහාරාමයේ තුනපහ කර්මාන්ත ශාලාවක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු වන දිමුතු නිරෝෂන් නමැත්තෙකි. 

මෙම කොල්ලය සඳහා ඔත්තු බැලීම සම්බන්ධව අත්අඩංගුවට ගත්තේ මෙම ව්‍යාපාරිකයාගේ ගෝලයකු වන නිහාල් විජේසිංහ නමැත්තෙකි.

කොල්ලය සඳහා පැමිණ වෙඩි තැබීමේ චෝදනාවට සුජිත් කුමාර නමැති යුද හමුදාවේ හිටපු සාමාජිකයකුද අත්අඩංගුවට ගෙන ඇත. 

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් මහ මොළකරු හම්බන්තොට ප්‍රදේශයේදීත්, වෙඩික්කරු ගොඩකවෙල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන ඇත. 

වෙඩික්කරුගෙන් හෙළිවූ තොරතුරු මත කොල්ලකෑම සඳහා යොදාගත් ගිනි අවිය රක්වාන ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන ඇත.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ බීලූනු වෙළෙඳ සලට ඉකුත් 12 වැනිදා කඩා වැදුණු වෙඩික්කරු ඇතුළු දෙදෙනකු මුදල් අයකැමිවරියට වෙඩි තබා මුදල් කොල්ලකා පලාගොස් තිබුණේ කිරිල්ලවලටය. 

එදින පූගොඩ ප්‍රදේශයේ රුපියල් දහනව ලක්ෂයේ කොල්ලයක්ද මෙම දෙදෙනා කර තිබිණි.

සීසීටීවී දර්ශන ඔස්සේ පොලිස් විමර්ශන කණ්ඩායම් සිදු කළ විමර්ශන අනුව කිරිල්ලවල පිහිටි වෙඩික්කරුවන් කොල්ලය සැලසුම් කළ අවන්හල හා නවාතැන් ගත් නිවස සොයාගෙන තිබිණි.

කිරිල්ලවල පාක් කිචන් නමැති අවන්හලක සේවය කළ ඩිල්ලා හෙවත් ඩිලාන් සංජීව නමැත්තා අත්අඩංගුවට ගත් පසු සිසිර කුමාර නමැති කොල්ලයට උදව් දුන් පුද්ගලයකුද මීගොඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන අත. 

එහිදී සිසිර කුමාරගේ කිරිල්ලවල නිවසේ තිබී යතුරුපැදියක්, කොල්ලයට යොදාගත් පිහියක් හා ටී ෂර්ට් එකක්ද සොයාගෙන ඇත. 

ඩිල්ලා නමැත්තා කතරගම කෝටිපති ව්‍යාපාරිකයාගේ (මහ මොළකරු) මිත්‍රයකු නිසා කිරිල්ලවලට පැමිණ සියලු කොල්ලකෑම් සැලසුම් කර ඇතැයි හෙළිවිය.

කොල්ලයට අදාළව කරන ලද විමර්ශනවලදී මේ හා සමගාමීව පූගොඩ ප්‍රදේශයේ සිදුවූ රුපියල් දහනව ලක්ෂයක මුදල් කොල්ලයේ සහ බියගම ප්‍රදේශයේ හෝටලයකට පැන සිදුකරන ලද කොල්ලයක් ගැනද අනාවරණය වූ අතර ඒ කොල්ලකෑම්වලට අදාළ සීසීටීවී දර්ශනවල සිටින සැකකරුවන් හා මීගොඩ සැකකරුවන්ගේ හැඩරුව හා හැසිරීම් එක හා සමාන බවද හෙළිවී තිබුණි. 

මේ අනුව මෙම කොල්ලකෑම් තුනම එකම කණ්ඩායමක් විසින් සිදුකර තිබෙන බව තහවුරු කරගත් පොලිසිය ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන කර තිබේ. 

මේ අනුව මෙම කොල්ලකෑම් කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ මත්පැන් අවන්හල් දෙකක සිට සැලසුම් කර සංවිධානාත්මකව සිදුකර තිබෙන බවත්, සැකකරුවන් කිරිල්ලවල ප්‍රදේශයේ තාවකාලික නිවසක රැඳී සිට තිබෙන බවත් අනාවරණය කරගත් අතර කිරිල්ලවල ප්‍රදේශයේ මත්පැන් අවන්හල් හිමියා ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත භාර දෙනු ලැබීය.

පසුව කොල්ලයේ පැදිකරු හා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිටි ඔත්තුකරු අත්අඩංගුවට ගෙන නොතිබිණ. 

කොල්ලයේ සැලසුම්කරුවන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේම පුද්ගලයකු යොදවා කලක සිට අධික ලෙස මූල්‍ය ගනුදෙනු සිදුකරන ව්‍යාපාරිකයකු ලෙස බීලූනු ව්‍යාපාරික මධ්‍යස්ථානයේ හිමිකරු ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවත්, මේ අනුවව මග බලන්නන් යොදවා සැලසුම් සහගතව කොල්ල සිදුකර තිබෙන බවත් අනාවරණය වී ඇත.

එසේම මීගොඩ කොල්ලය අතරතුර පිටවූ වෙඩි උණ්ඩයද සැකකරුවන් විසින් අහුලාගෙන ගොස් තිබෙන අතර, ඒ ගැන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී උණ්ඩ කොපුව කඩවත කිරිල්ලවල නවාතැන් ගෙන සිටි අවන්හලේ වැසිකිළි කොමඩ්ඩුවට දමා වතුර ගැසූ බවට පාපොච්චාරණය කර ඇත.

මේ අනුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය එම උණ්ඩ කොපුව සොයාගැනීම සඳහා වැසිකිළි වළ පිරික්සීමටද අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

මෙම කොල්ලය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා පැය හතළිස් අටක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ඊයේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන් අතර කොල්ලයේ යතුරුපැදිකරු ඇතුළු තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

විශේෂ පාර්ලිමේන්තු දිනයක් පැවැත්වීමේ තීරණයක්

Published

on

By

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව ඇත. 

මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබේ.

Continue Reading

පුවත්

නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (20)  සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග සිට එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved