Connect with us

පුවත්

 මීඩියා ජොබ් එක කරන්න ගිය PC නාගනියි

Published

on

පොලිසිය සාක්ෂි ‌ලෙස ලබාගන්නා වීඩිය‌ෝ මාධ්‍යට මුදා හැරීමට අයිතියක් නොවන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී.

වාහනයක් ගාල් කිරීමේදී කාන්තාවක් විසින් කරනු ලබන වරදක්  සම්බන්ධයෙන් එම කාන්තාව සමඟ  සිදුවූ බහින් බස්වීමක් කුමාර නැමැති පොලිස් කොස්තාපල්වරයෙක් (PC 29899) විසින් වීඩියෝ කර මාධ්‍යට මුදා හැරීම සම්බන්ධෙයන් කුරුකුලසූරිය මහතා මේ සටහන තබා තිබේ.

ඔහු සිය සටහන මගින් වැඩිදුරටත් කියා සිටින්නේ අදාළ කොස්තාපල්වරයා අධිකරණයට ගනයා යුතු බවයි.

අදාළ සම්පූර්ණ සටහන පහත දැක්වේ.

පුවත්

ගජමුතු ජාවාරමක් හෙළිවේ

Published

on

By

ගජමුතු 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) පස්වරුවේ දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් මෙම ගජමුතු රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට විකිණීමට සුදානම් කර තිබී ඇත.

ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 05 ක් පමන වූ ගජමුතු 07 ක් සැකකරුවන් සන්තකයේ තිබී හමු වු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 33 වයස්වල පසුවන මාතලේ හා මහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

එජාප හා සජබ එක්වීමේ පළමු සාකච්ඡාව අද

Published

on

By

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිතය.

අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.

දෙපාර්ශවයේම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීලාට අලුත් වාහන ලැබෙනවා – මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

Published

on

By

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කඩිනමින් අලුත් වාහන ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල යාන්ත්‍රික හා උපකරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා ( 18 ) එක් වෙමිනි.

“ අපි බලාපොරොත්තු වෙනවා හැම මන්ත්‍රීවරයකුටම වාහනයක් ලැබෙයි කියලා. මෙතෙක් මන්ත්‍රීවරුන්ට එහෙම වාහනයක් ලැබිලා නැහැ. ඇමැතිවරයකුට හරි මන්ත්‍රීවරයකුට හරි තමන්ගේ රාජකාරි ඉටු කිරීම සඳහා වාහනයක් ඕනේ වෙනවා . අපට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ . මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම සඳහා එකඟතාවකට ඇවිත් තියෙන්නේ. ඒක ඩබල් කැබ් එකක්ද වෙන එකක්ද කියලා තාම දන්නේ නැහැ. කොහොම වුණත් අලුත් වාහන ඉදිරි මාස කිහිපය තුළ ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. මොකද තියෙන වාහන බොහොම නරක විදිහට අවභාවිත කරලා. පාවිච්චි කරන්න බැහැ” යනුවෙන් ද මන්ත්‍රීවරයා කීවේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved