Connect with us

පුවත්

මුතුරාජා හස්තියාට ඇත්ගොව්වා හිරිහැර කරලා: විෂයභාර අමාත්‍යවරයාගෙන් තීරණයක්

Published

on

මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවි අමාත්‍යවරයා විසින් වනජීවි අමාත්‍යාංශ ලේකම්වරිය වෙත උපදෙස් ලබාදී තිබේ.

මුතුරාජා හස්තියා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වෙත තායිලන්තයෙන් ලබාදුන් පරිත්‍යාගයක් වන අතර එම හස්තියා පසුව ඇය විසින් අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත භාරදී තිබුණි.

එහෙත් එම හස්තියා භාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ හැසිරීම නිසා එම හස්තියා දැඩි හිරිහැරටවලට මුහුණදුන් බව පසුව අනාවරණය විය.

එහෙයින් මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැ‌ගෙනවිත් දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත් කළ බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පැවසීය.

දෙහිවල සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩලය විසින් ලබාදෙන සත්කාර මැද මේ වනවිට එම හස්තියා ඉතාමත් ආරක්ෂිතව පසුවන අතර එම හස්තියා නැවත තායිලන්තයට රැගෙනයාමට මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මුතුරාජා හස්තියා මෙරටම රඳවාගැනීම සම්බන්ධව ඊයේ (15) කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ඒ අනුව, මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ තබාගෙන රැකබලා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එකඟත්වය පළකර ඇති අතර තායිලන්ත තානාපතිවරයා සමග සාකච්ඡා කර ඊට අවශ්‍යපියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් ලබාදී ඇති බව වාර්තා විය.

Continue Reading

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved