දශක දෙකකට පසු මුතු රාජා අද (02) යළි තායිලන්තය බලා රැගෙන ගියේය.
මුතු රාජා රැගත් යානය අද පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරියා විසින් කියා සිටී.
එම අවස්ථාව දැක ගන්න මුතු රාජාට ආදරය කරන පිරිසක් දෙහිවල සත්වෝද්‍යානයට මෙන්ම කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
2001 වසරේ දී තායිලන්ත රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතු රාජා අලුත්ගම, කන්දේ විහාරය භාරයේ සිටිය දී හිංසනයට ලක් වූ බවට වාර්තා වීමෙන් පසු මුතු රාජාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබා දීම සඳහා යළි රැගෙන යෑමට තායිලන්ත රජය විසින් පියවර ගනු ලැබුවේය.
මේ අතර, මුතු රාජා ඇතා තායිලන්තයට භාර දීමට ක්‍රියා කළේ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබා දෙන බවට වූ ගිවිසුම මත බව අලුත්ගම, කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නා හිමියෝ BBC සිංහල සේවයට පවසා තිබිණි.
ඒ සම්බන්ධයෙන් එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.
”මට මේ ඇතාගේ භාරකාරත්වය ලැබුණේ මීට අවුරුදු හතරකට විතර කලින්. ඇතාගේ කකුලේ සිද්ධිය අවුරුදු 12කට විතර පෙර සිද්ධියක්. මම උපරිමයෙන් උත්සාහ කළා ඊට ප්‍රතිකාර කරන්න. අතීතයේ වෙච්ච දේකට මට වග කියන්න බැහැනේ” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරත් පැවසූහ.
මුතු රාජා ලබන ජූලි දෙවැනිදා විශේෂ ගුවන්යානයකින් නැවත තායිලන්තය බලා රැගෙන යන බව දෙහිවල සත්වෝද්‍යානය පවසයි. ඇතා නැවත රැගෙන යෑමේ ක්‍රියාවලියට තායිලන්තය රුපියල් කෝටි 20කට අධික මුදලක් වැය කරන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මාස හයක පමණ කාලයක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ගොස් සිදු කළ ප්‍රතිකාරවලින් අනතුරුව ඇතාගේ පසුපස පාද වලට ඉහළින් තිබූ තුවාල දෙක 90%ක් පමණ සුව කිරීමට හැකි වූ බව පශු වෛද්‍ය නිලධාරිනි මධූෂා පෙරේරා සඳහන් කළාය. තායිලන්තයට රැගෙන යාමෙන් අනතුරුව ඇතාගේ ඉදිරි පාදයට ජල චිකිස්තක ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර තිබේ.