Connect with us

පුවත්

මුද්‍රණ සංස්ථාවෙන් පොත් ගන්න පාසල් වලට වට්ටමක්

Published

on

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් 30% වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 125ක ලාභයක් ලබා තිබෙන අතර අවශ්‍ය ප්‍රමාණයට පොත් මුද්‍රණය සඳහා සංස්ථාව තුළ කඩදාසි හිඟයක් නොමැති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(මුලාශ්‍රය – අරුණ)

පුවත්

වතුකම්කරුවන්ට අද සිට රුපියල් 1350ක මූලික වැටුපක්

Published

on

By

වතුකම්කරුවන් හට අද (10) සිට රුපියල් 1350ක මූලික වැටුප ලබාදීමට වතු සමාගම් එකඟ වී ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පවසයි.

එය ලබාදීමට ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන්ට සිය ස්තූතිය පුද කරන බව, ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව රුපියල් 1700 දක්වා ඉහළ දැමුණු වතුකම්කරුවන්ගේ වැටුපෙන් මූලික වැටුප ලෙස රුපියල් 1350ක් අද සිට ඔවුන්ට ගෙවීමට නියමිතය.

ඉතිරි රුපියල් 350ක මුදල සාකච්ඡා මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බව සෙන්දිල් තොණ්ඩමාන් මහතා කියා සිටියේය.

Continue Reading

පුවත්

ADB බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023-09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, 2023 දෙසැම්බර් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී තිබේ.

රජය පවසන්නේ එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12ක් සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතින බවය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

පුවත්

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරට

Published

on

By

දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මෙම හමුවේ දී ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

එහිදී ආණ්ඩුකාරවරිය යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ, මැතිවරණය සාධාරණව පැවැත්වීමට උතුරු පළාතේ සියළු කටයුතු සුදානම් කර ඇති බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved