Connect with us

පුවත්

මුලතිව් ගුවන් හමුදා කඳවුර ගැන විශේෂ තීරණයක්

Published

on

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අනුමැතිය මත ඊයේ  (30) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව අද (31) දින සිට මුලතිව් ගුවන් හමුදා පහිනාංකය රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය දිනක නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ මියන්මාර සරණාගතයින් 103 දෙනා මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයෙන් මුලතිව් පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත තාවකාලික රැඳවීම සඳහා යොමුකර තිබුණි.

අධිකරණ නියෝග මත ඔවුන් මිරිහාන පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබුණද  මිරිහාන රැඳවුම් මධ්‍යස්ථාන තුළ ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යොමු කිරීමට පියවර ගන්නා ලදී.

පුවත්

දිස්ත්‍රික්ක 05කට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

Published

on

By

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශයේ ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබේ.

ඒ, අනුව අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවයි එම සංවිධානය සඳහන් කළේය.

එලෙස නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්.

බදුල්ල දිස්ත්‍රික්කය – වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල
මහනුවර දිස්ත්‍රික්කය – මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර
කුරෑණෑගල දිස්ත්‍රික්කය – රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙල, රත්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ, හඟුරන්කෙත

Continue Reading

පුවත්

දත් හිරිවැටෙන සියඹලා මිල

Published

on

By

මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ.

ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි.

මීට පෙර සියඹලා කිලෝවක්  රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වූ අතර මේ වනවිට හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් ( සිල්ලර) අලෙවි වන්නේ රුපියල් 2000.00ක ඉහළ මිලකටය.

කෙසේ වෙතත් මේ වනවිට වෙළෙදපොළේ පවතින හිඟතාව හේතුවෙන් මෙලෙස ඉහළ මිලකට සියඹලා අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙයි.

මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

Continue Reading

පුවත්

වැඩි මිලට බඩු අලෙවි කරන වෙළඳුන් සොයා නඩු පැවරීම දිගටම

Published

on

By

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා (15) දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.

සහල් තොග හා අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන් උපායදූතයන් ලවා පරීක්ෂා කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳුන් සොයා නඩු පැවරීම මෙම වැඩසටහනේ දී සිදුකර ඇති බව සඳහන් වේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පවසන්නේ, අදාළ උත්සව කාලසීමාව තුළ සුපිරි වෙළඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්වල ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළ බවයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved