Connect with us

පුවත්

මුල්‍ය ආරවුල් විසඳන්න විශේෂ සමථ මණ්ඩල

Published

on

මුල්‍ය ආරවුල් විසඳීම සඳහා විශේෂ වර්ගයේ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

විවිධ ආයතන අතර පවතින මුල්‍ය ආරවුල් මෙන්ම පුද්ගලයන් සහ ආයතන අතර ව්‍යාපාර ගනුදෙනුවලින් ඇති වන මුල්‍ය ආරවුල් විසඳීම මෙම විශේෂ සමථ මණ්ඩල මඟින් සිදුකරයි.

මෙම විශේෂ සමථ මණ්ඩල කොළඹ, ගම්පහ, මහනුවර, මොණරාගල, පොලොන්නරුව සහ අනුරාධපුරය යන දිස්ත්‍රික් 06 කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත අතර එහිදී නිරවුල් කර ගත හැක්කේ, රුපියල් ලක්ෂ 05කට වඩා අඩු මුල්‍ය වටිනාකමක් සහිත ගනුදෙනු පමණි.

මෙම සමථකාරවරුන්ගේ මූල්‍ය මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස පත් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් පිළිබඳ යෝජනාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ එකඟතාව හිමිව ඇත.

එම කාරක සභාව ඊයේ (23) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

2023 ජනවාරි මස 14 වනදා පළකරන ලද 2314/80 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි අදාළ සුදුසුකම් දක්වා ඇත.

ඒ අනුව වයස අවුරුදු 35ත් 75ත් අතර විය යුතු වීම, අඛණ්ඩව වසර පහක කාලයක් මාණ්ඩලික නිලධාරී මට්ටමේ නිලතල දරන හෝ දැරූ නිලධාරියකු විය යුතුය.

එමෙන්ම පෞද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානයක, බැංකුවක හෝ සංස්ථාවක ජ්‍යේෂ්ඨ කළමනාකාර තනතුරක් දැරූ තැනැත්තකු විය යුතුය.

නැතිනම් කිසියම් ලිඛිත නීතියක් මඟින් හෝ යටතේ ස්ථාපිත, පිළිගත් වෘත්තිය හෝ අධ්‍යාපන සුදුසුකමක් ලබා තිබිය යුතු වන අතර, සමථකාරවරයන්ගේ මූල්‍ය මණ්ඩලයක සාමාජිකයෙතු ලෙස කටයුතු කිරීම සඳහා මනා මානසික සහ ශාරීරික යෝග්‍ය තත්ත්වයක් සහිත විය යුතුය.

සමථකරණයේ පළපුරුද්ද හෝ සමථකරණයෙහි සිද්ධාන්ත සහ ප්‍රධාන ලක්ෂණ පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස විශේෂ වර්ගවල ආරවුල් පිළිබඳ සමථකාරවරුන් පත් කිරීමේ දී සලකා බලන බවත් ගැසට් නිවේදනයෙහි දක්වා ඇත.

(මූලාශ්‍රය : අද දෙරණ)

පුවත්

රනිල්ගේ මාධ්‍ය නඩයේ සිටි වරුණට සජිත්ගෙන් තනතුරක් ගනියි

Published

on

By

සමගි ජන බලවේග පක්ෂයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් වරුණ රාජපක්ෂ මහතා පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

වරුණට මේ තනතුර ලැබී ඇත්තේ හිටි හැටියේ බව පැවසේ.

ඔහු අද (09) ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරිම සඳහා නාමයෝජනා අත්සන් කිරීමට පක්ෂ මූලස්ථානයට ගොස් සිටියදී සජබ නායක සජිත් මහතා ඔහුට පසෙකට කතා කොට “වරුණ ගම්පහ ආසන සංවිධායකකමට” පත් කිරීමට තීරණය කළා යැයි පවසා තිබේ. 

ඒ අනුව එම සංවිධායක ධුරය ඔහු වෙත ප්‍රදානය කිරීම සිදුව තිබිණි.

දකුණු ඉවුර ශක්තිමත් කිරීමට නම් බෙදී වෙන්වී සිටින සියලු බලවේග, එක කඳවුරකට එක් විය යුතු බවට ජනාධිපතිවරණය අවසන් වූ සැනින් ප්‍රකාශ කර සිටි තමන්ට, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කළ ආරාධනාවක් අනුව සිය ප්‍රකාශය භාවිතයට නැගීමට අවස්ථාවක් කර ගනිමින් සමගි ජන බලවේගය සමග එක් වූ බව වරුණ රාජපක්ෂ පසුගිය දා සමාජ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා  තිබිණි.

ඔහු ඉකුත් ජනපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය තෙක්ම හිටපු ජනපති රනිල් වික්‍රමසිහ මහතාගේ මාධ්‍ය අංශයේ කටයුතු කළ අතර, The Chatham Street Journal මුද්‍රිත හා වෙබ් අඩවියේ ප්‍රධානියකු ලෙසද කටයුතු කළේය.

ඔහු කලින් කලට දේශපාලන කඳවුරු මාරුකරමින් කටයුතු කරන්නෙකු ලෙස ද ප්‍රකට වූ අයෙකි.

Continue Reading

පුවත්

රාජපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මහ මැතිවරණයට නෑ; නාමලුත් ජාතික ලයිස්තුවට

Published

on

By

එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ද මහමැතිවරණයට තරඟ නොකරන බවයි.

ඉකුත් ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ ද මහමැතිවරණයේ අපේක්ෂකයෙකු නොවන අතර ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙවර මහමැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් හෝ ඉදිරිපත් නොවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය ලබා දීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මොණරාගලින්ද, නිපුන රණවක මාතරින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ගේ නමද ඇතුළත් කර ඇත්තේ ජාතික ලැයිස්තුවටයි.

මේ අතර හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ ද මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බව ඔහු නියෝජනය කරන මව්බිම ජනතා පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසිය.

(nethnews.lk)

Continue Reading

පුවත්

ලංකාව ගැන කෙටුම්පත ඡන්දයකින් තොරව සම්මතයි

Published

on

By

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ A/HRC/57/L.1 යෝජනා කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ඇත.

ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරයේදීයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved