Connect with us

පුවත්

මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

Published

on

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ  ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසීය .

දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර  මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බව ජාතික සංවිධායකවරයා කීහ.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් මහතා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා සමඟ දැනටමත් එක්ව කටයුතු කරණ නිසා උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව ජාතික සංවිධායක එම්.එස්.තවුපික් මහතා විශ්වාසය පල කලේය.

පුවත්

සහල් ගැටලුවට ජනති තීන්දුවක් ගනියි!

Published

on

By

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. 

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්,  ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා  පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන්  සමඟ  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (07) පැවැති සාකච්ඡාවේදීය.

අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බවද කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා  ව්‍යාපාරිකයන්ට  අඩු පොලී  පහසුකම් යටතේ බැංකු ණය  ලබා දී ඇති බවද සිහිපත් කළ  ජනාධිපතිවරයා,  එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල්  ව්‍යාපාරිකයන්ට පැවසීය.

ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබේ.

නාඩුසහල්කිලෝවකතොගමිලරුපියල් 225යි. සිල්ලරමිලරුපියල් 230යි
සුදුකැකුළුකිලෝවකතොගමිලරුපියල්  215යි . සිල්ලරමිල 220යි
ආනයනිකනාඩුසහල්කිලෝවකසිල්ලරමිලරුපියල්මිල 220 යිසම්බාකිලෝවකතොගමිලරුපියල්  235යි.  සිල්ලරමිලරුපියල්  240යි.  
කීරිසම්බාකිලෝවකතොගමිලරුපියල්  255 යි. සිල්ලරමිලරුපියල් 260යි

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී  සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය.

එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා  ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

Continue Reading

පුවත්

වියදම් නොදුන් අපේක්ෂකයින් නීතිය හෑල්ලු කරනවා

Published

on

By

පසුගිය මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව වැය වූ මුදල් ප්‍රමාණය මෙතෙක් හෙළි නොකරන අපේක්‍ෂකයන් මැතිවරණ නීතිය හැල්ලුවකට ලක් කරන අය විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එස්.රත්නායක මහතා පවසයි.

මෙම පිරිසට මේ සඳහා ලබාදුන් අවසන් දිනය ඊයේ (06) බවත්, ඒ සඳහා වැයවූ මුදල ලියාපදිංචි තැපෑලෙන් හෝ දැනුම්දීමක් කළ අයට ගැටලුවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම අවසන් දිනය දීර්ඝ නොකරන බවද වැය වූ මුදල් නිසි ආකාරයට දැනුම් නොදුන් දේශපාලකයන්ට එරෙහිව නීති ප්‍රකාරව පොලිසිය මගින් නඩු පවරන බවද ඔහු සදහන් කලේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන්ගෙන් මේ වනවිට 2000කට වැඩි පිරිසක් වැය වූ මුදල් ප්‍රමාණය පිළිබඳව දැනුම් දී ඇති බවය.

Continue Reading

පුවත්

OICලා 54කටත් ඉදිරියේදී ස්ථාන මාරු

Published

on

By

පොලිස් ස්ථානාධිපතිවරු පනහකට වැඩි සංඛ්‍යාවක් ඉදිරි දිනවලදී ස්ථාන මාරු කිරීමට නියමිත බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි.

පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කළේ මෙලෙස ස්ථාන මාරු ලැබීමට නියමිත පිරිස අතර කොළඹ දිසාව යටතේ රාජකාරි කරන පොලිස් ස්ථානාධිපතිවරුන් රැසක් සිටින බවය.

පොලිස් කොට්ඨාසවල රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට ද ස්ථානාධිපති තනතුරු ලැබීමට නියමිත බවද වාර්තා වේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් පරීක්ෂකවරුන්ට මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථානාධිපති තනතුරුවල වසර කිහිපයක් තිස්සේ රාජකාරි කරන නිලධාරීන්ටද මෙලෙස නව ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 54 දෙනෙකුට පසුගිය සතියේ ද ස්ථාන මාරු ලබා දී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ, ක්‍ෂේත්‍ර බළකා මූලස්ථාන අධ්‍යක්ෂ, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීන් රැසක් ඒ අතර සිටියි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved