Connect with us

පුවත්

මුහුදු ඌරෙකුගේ මස් සන්තකයෙහි තබාගත් පුද්ගයෙකු වනජීවී අත්අඩංගුවට

Published

on

මන්නාරම නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව වව්නියාව වනජීවී කලාපයේ සහ මන්නාරම අඩවියේ වනජීවී නිලධාරීන් විසින් ඊයේ (06)  වාන්කලේ අංගනිස්පුරම් ප්‍රදේශයේ නිවසක් වටලා එහි තිබූ මුහුදු ඌරු මස් කිලෝ 1ක් හා වයස 64ක පමණ වයසැති පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හා නඩුභාණ්ඩ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් විසින් රු.ලක්ෂ 5ක  ශරීර ඇප මත එම සැකකරු නිදහස් කරන ලදී.

ලබන මැයි මස 08 දින නැවත නඩුව කැඳවීමට නියමිත ය.

ශ්‍රී ලංකා උතුරු හා වයඹ මුහුදු තීරයේ පෝක් සමුද්‍රය හා මන්නාරම් බොක්ක ආසන්නයේ තෘණ භූමි ආශ්‍රිතව ජීවත්වන මුහුදු ඌරා  (Sea Cow)  Dugong dugong ක්ෂීරපායී සත්වයෙක් වන අතර Sirenia ගෝත්‍රයට අයත් සත්ත්වයෙකි.

මුහුදු තෘණ ආශ්‍රිතව ජීවත්වන විශාල මත්ස්‍ය ප්‍රමාණයකට අවශ්‍ය මුහුදු තෘණ පද්ධතිය සමතුලිතව පවත්වා ගැනීමත් පෝෂණය කිරීමටත් මුහුදු ඌරා විශාල කාර්යභාර්යයක් සිදුකරයි.

මුහුදු තෘණ මුහුදු ජලය පිරිසිදු කිරීමටත් සමුද්‍ර ඛාදනය වැළැක්වීමටත් විශාල සේවයක් ඉටුකරන පරිසර පද්ධතියක් වන්න අතර මුහුදු තෘණ පද්ධතිය විනාශ වීම පරිසර ගැටළු රාශියක් ඇති වීමට හේතු වේ.

ඉන්දියන් සාගරයේ උණුසුම් නොගැඹුරු මුහුදු තීරයේ මුහුදු තෘණ ආශ්‍රිතව ඇතිවන ඇල්ගී හා වෙනත් ශාඛ විශේෂ වර්ධනය වීම වැළැක්වීම සිදුකරන සත්වයෙක් වන මුහුදු ඌරා වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂක සත්ත්වයෙක් ලෙස නම්කර ඇත .

මෙම සතුන් මස් සඳහා මරා දැමීමත්, සමුද්‍ර දූෂණයත්, අවිධිමත් ධීවර කටයුතුත් නිසා වන්දවීමේ තර්ජනට මුහුණ දී ඇති ඉතාම දුර්ලභ සත්ත්වයෙක් බවට පත්ව තිබේ.

මේ වනවිට මෙවැනි වඳවෙමින් යන වටිනා සතුන් රැකගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගණනාවක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇත.

මෙම සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් 1992 හදිසි දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved