මෙරට සිටින්නේ ලක්ෂ තිහක පමණ සුනඛ ගහනයක් බවත් ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් සිටින්නේ නිවෙස් තුළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසයි.
එසේ වුවද ඉදිරියේදී මෙරට සිටිනා සුනඛයන් සංගණනයක් සිදු කරන බව ද ප්‍රජා විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා කියයි.
මෙරට සිටින සුනඛයන් එන්නත්කරණය සහ වන්ද්‍යාකරණය අඛණ්ඩව සිදුකරන බවද පවසන ඒ මහතා මෙරට නීතියට අනුව සුනඛයන් මරණයට පත්කිරීම තහනම් බව ද කීය.
සුනඛයන් එන්නත් කිරීමෙන් සහ වන්ද්‍යාකරණය කිරීමෙන් සුනඛ ගහණය පාලනය කළ නොහැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
දඩාවතේ යන සුනඛයන්ට මහාමාර්ගවල කෑම බීම දීම අඩු කිරීමෙන් යම් තරමක පාලනයක් සිදු කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එසේම සංඛ්‍යා ලේඛණ අධ්‍යනයකින් තොරව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා රට තුළ දඩාවතේ ගැවසෙන සුනඛ ගහණය ලක්ෂ හැට දෙකක් බව කී ප්‍රකාශය සම්පුර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව සත්ත්ව සුබ සාධන සංගම් අවධාරණය කරයි.
රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා පර්ලිමේන්තුවේදී සිදුකළ එම ප්‍රකාශයෙන් යළිත් රට තුළ සුනඛ ඝාතනයක් සිදු කිරීමේ සැකයක් ඇති බව මානුෂීය ක්‍රම මගින් සත්ත්ව ගහණය කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි.