Connect with us

පුවත්

මෙතෙක් නොආ අශෝක පතිරගේ ඇතුළු ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය අද අධිකරණය හමුවට

Published

on

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අද (21)  අධිකරණය හවුවේ පෙනී සිටින ලෙස දන්වමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබේ.

ඒ අනුව අද (21) දින මෙම නඩුවේ 1 සිට 11 දක්වා වූ සියලු විත්තිකරුවන් විවෘත අධිකරණයට ඉදිරිපත් විය යුතු බවට නියෝග නිකුත් කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පැවැරූ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අදාළ පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කූර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දිය ලොකුගේ හරින් ප්‍රේමරත්න, සිවකුමාර සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ එම රෝහලේ සහකාර කළමනාකාරිනී (බිල්පත්) ඩී.බී. සඳතිසරු නම් කර තිබිණි.

අදාළ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම, එම නියෝගය නිකුත් කළාය.

විත්තිකාර රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ නඩුවක් අවසන්වීමෙන් අනතුරුව එම අධිකරණයෙන්ම ලබාදුන් නියෝගයක් ප්‍රතිශෝධනයට ලක්කිරීමට බලයක් නොමැති බවයි.

විත්තියේ නීතිඥ

“රෝහලේ අධ්‍යක්ෂවරුන් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කරපු පලියට මුල් අවස්ථාවේදී ඔවුන් මෙවැනි නඩුවලට ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ස්වාමීනි, මෙම රෝහල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ලියාපදිංචි සමාගමක්. සමහර අධ්‍යක්ෂවරුන් පිටරටින් ආයෝජනය කරපු අධ්‍යක්ෂවරුන්. අදාළ සමාගම වෙනුවෙන් බලයලත් නියෝජිතයකු ඉදිරිපත් කර තිබෙනවා. එම නියෝජිතයා නඩුවේ චෝදනාවලට වරද පිළිගෙන තිබෙනවා. එම නිසා විත්තිකාර සමාගමට සහ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නැවත වරක් පෙනී සිටීමට නොතිසි නිකුත් කිරීම පිළිබඳව විරෝධතාවය ප්‍රකාශ කරනවා.”

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් මහයාගොඩ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව නියමිත ආකාරයට අද (21) දින කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

“මෙම නඩුව වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ඉකුත් ජනවාරි 17 වැනිදා කැඳවා තිබෙනවා. එදින නීතිඥ ධනුෂ්ක වීරසිංහගේ මෝසමක් මත පළමු වැනි විත්තිකරු වන රෝහල වෙනුවෙන් කරන ලද ඉල්ලීම සලකා බලා නඩුවට අදාළ නියෝග නිකුත් කර තිබෙනවා. එහිදී වැඩබලන මහෙස්ත්‍රාත්වරිය කාර්ය පටිපාටිය අනුගමනය කිරීමේදී නෛතික දෝෂයක් සිදුව ඇති බව බැලූ බැල්මට මෙන්ම එතුමියගේ කාර්යය සටහන්ද පරික්ෂා කර බැලීමේදී නිරීක්ෂණය වෙනවා. එතුමියගේ කාර්යය සටහන පහත පරිදිය.”

උපුටා ගැනීම…..

‘චූදිතයන් වන අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් බලයලත් නියෝජිත කැලුම් හිමේන්ද්‍ර ජයසූරිය යන අය පෙනී සිටී. චූදිත වරද පිළිගැනීමට සූදානම් බව දක්වයි. ඒ අනුව චෝදනා කියවා දෙමි. චෝදනා සියල්ලටම දඩ නියම කරමි. ඒ අනුව සමුච්චිත ලෙස අදාළ චෝදනාවලට වෙන් වෙන්ව දඩ පැවැරීමකින් තොරව රුපියල් 25,000ක දඩ මුදලක් නියම කොට ඇති අතර එකී දඩ නොගෙවන්නේ නම් මාස 6ක සිරදඬුවම් නියම කොට ඇත.’

උපුටා ගැනීම අවසන්….

මෙම නඩුව ඉකුත් ජනවාරි 17 වැනිදා වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවන අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය හෝ මෙම නඩුවේ පැමිණිල්ල වූ ඖෂධ නියාමන අධිකාරිය හෝ පෙනී සිටීමක් සිදුව නොමැති අතර විත්තිය නියමිත දිනයට ප්‍රථම යොමුකරන සිය මෝසම පිළිබඳව පැමිණිල්ලට දැනුම් දීමක් සිදුකොට නොමැත.

ඒ අනුව වැඩබලන මහෙස්ත්‍රාත්වරියට අදාළ දිනයේදී දෙපාර්ශ්වයටම කන්දීමට අවස්ථාවක් ලැබී නොමැත.

නඩුවේ පළමුවැනි විත්තිකාර රෝහල පත් කළ නියෝජිතයා පළමු වැනි විත්තිකරු වෙනුවෙන් වරද පිළිගැනීමක් සිදුනොකර අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් වරද පිළිගැනීම සහ ඒ මත වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ලබාදී ඇති නියෝගය නීතිමය දෝෂ සහිත බවත් දන්වා සිටිමි.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන්ට නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් වන විරෝධතාව ප්‍රතික්ෂේප කරමි. මෙම නඩුවේ විත්තිකරුවන් අධිකරණය අභියසට මෙතෙක් පැමිණ නොමැති හෙයින්, මෙම නඩුව සම්පූර්ණයෙන් අවසන් වූ නඩුවක් ලෙස ද සැලකිය නොහැකි බව අධිකරණයේ මතයයි.

සබැඳි පුවත්:
අශෝක් පතිරගේ හා ආසිරි රෝහල් ලොක්කන්ට දුන් තීන්දුව ගැන මහේස්ත්‍රාත්වරිය පුදුම වෙයි

වැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට දඩ 

ආසිරි හොස්පිට්ල් බෙහෙත්වලින් ගිණිකාලා අධ්‍යක්ෂවරු උසාවිය‍ට‍ 

පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

Published

on

By

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය 

Published

on

By

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Continue Reading

ඡායාරූප සටහන

ලංකාවට ජපානයෙන් ගිනි නිවන රථ

Published

on

By

රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.

ජපන් තානාපති ගරු අකිඔ ඉසෝමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අද (20) දිනයේදී කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.

ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින් අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved