Connect with us

පුවත්

මෙරට ජනගහනයෙන් 5%කට ග්ලුකෝමා

Published

on

මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

ඔහු පවසන්නේ, ගෝලීය වශයෙන් මෙම තත්වය සියයට 3.54 ක් බවත්, ගෝලීය වශයෙන් මෙන්ම මෙරට තුළද ග්ලුකෝමා රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බවය.

“ලොකේ ගත්තත්, ලංකාව ගත්තත් අන්ධභාවයට පත්වෙන්න තුඩු දෙන එක ප්‍රධාන හේතුවක් තමා ග්ලුකෝමා රෝගී තත්ත්වය. ලෝකයේ සියයට කීයක් ඉන්නවද කිව්වොත් 3.54%යි. හැබැයි ලංකාවේ 5%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපේ වැඩිහිටි ජනගහනය වැඩිවීම මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ 5%කට පමණ ආසන්න ප්‍රමාණයක් ඇස්තමේන්තු කරලා තියෙනවා මේ රෝගයෙන් පෙළෙනවා කියලා. ඒ නිසා ඇස් පරීක්ෂා කරගැනීම සඳහා යොමු කරන එක ඉතා වැදගත් වෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් අපේ රටේ තියෙන අක්ෂි ආබාධ කල් ඇතිව හඳුනාගෙන වළක්වා ගත හැකි ආබාධ වළක්වා ගැනීමට වැඩසටහන් සම්පාදනය කරලා තියෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
මේ වසරේ ග්ලුකෝමා සතිය ලෙස මාර්තු මස 10 – 16 දක්වා නම් ඇති අතර, මෙවර තේමාව ග්ලුකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු යන්නයි.

මේ සම්බන්ධයෙයන් දිවයින පුරා අක්ෂි සායනවලින් රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ග්ලුකෝමා විශේෂ අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට ගාල්ල, පුත්තලම, බදුල්ල, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්ක වල සිදු කිරීමට නියමිතය.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved