Connect with us

පුවත්

මේ වසරේ අලි මරණ 395යි; අලි නිසා මිනිස් මරණ 127යි

Published

on

2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 01 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති අලි මරණ සංඛ්‍යාව 395කි.

එය ඉකුත් වසරට වඩා අලි මරණ 20ක වැඩි වීමකි.

අලි මිනිස් ගැටුම් නිසා 2022 වසරේ මිය ගිය මිනිසුන් සංඛ්‍යාව 127කි.

විදුලි සැර වැදීම්වලින් පමණක් 2022 වසරේදී අලින් 38ක් මිය ගොස් ඇත.

රොටවැව ප්‍රදේශයේ විදුලි වැට අක්‍රියවීමෙන් අලි ගම් වදින බව ප්‍රදේශවාසීන් විසින් අවස්ථා ගණනාවකදී සීගිරිය වනජීවි කාර්යාලය දැනුම්වත් කර ඇතත් ඔවුන් මෙතෙක් ක්‍රියාත්මකව නැතැයි ද මේ අතර වාර්තා වේ.

එම තත්ත්වය හේතුවෙන් අලින්ගෙන් සිය බව බෝග ආරක්ෂා කර ගැනීමට ගොවීන් නිවෙසේ ඇති විදුලි රැහැන් වගා බිම්වලට ඇදීම එම ප්‍රදේශයේ සුලබ දසුනක් වී ඇතැයි ද පැවසේ.

එමඟින් වන සතුන්ට මෙන්ම එම ස්ථානවලින් ගමන් කරන මිනිසුන්ට ද විදුලි සැර වදින අවස්ථා තිබෙන බව සීගිරිය පොලිසිය විසින් කියා සිටී.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ දෙසැම්බර් 08 වැනිදා සීගිරිය ඉනාමළුවේ රොටවැව ප්‍රදේශයේ මිනිසුන් පිරිසක් විසින් නීති විරෝධි ලෙස විදුලි රැහැන් ඇදීම නිසා අවුරුදු 30 පමණ වයසැති අලියකු මිය ගොස් ඇති අයුරුය.

මිය ගිය අලියාගේ පශ්චාත් මරණ කටයුතු ගිරිතලේ වනජීවි නිලධාරීන් විසින් සිදු කළ අතර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් ඉඩම්හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කොට ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ද අදාළ අංශ කටයුතු කර ගෙන යන බව වාර්තා වේ.

පුවත්

2025 අයවැය IMFඑකට සෙට් නම්, 28දා මීළඟ වාරිකය මුදා හැරෙයි

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම පසුගිය 2024 නොවැම්බර් මාසයේ දී සිදුවිය.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මීළඟ වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමක් එහිදී සිදුනොවූ අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමටත් ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කිරීමටත් යටත්ව පැවතුණි.

මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම ප්‍රමාද වූයේ ප්‍රධාන වශයෙන් 2025 අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල වන්නේදැයි යන්න අදාළ වීමත් සමඟිනි. 

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 අයවැය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබුණි.

“සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය නැවත ළඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධාන වන අතර, වගකීම් සහගත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2025 වසරේ අයවැය සකස් කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීමේ උත්සාහයන් සහ වියදම් සීමා කිරීම අවශ්‍ය වේ. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන් අර්බුදයෙන් ඇතිවන අපහසුතා බදු ගෙවන්නන්ගේ එයට දායක වීමේ හැකියාවට සමානුපාතිකව බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වේ. නව බදු නිදහස් කිරීම් වළක්වා ගැනීම මගින් රාජ්‍ය ආදායම් අහිමි වීම් සහ දූෂණ අවදානම් අවම කිරීමට සහ සමාජ වියදම් ඇතුළු වියදම් සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ආරක්ෂණ ගොඩනංවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීමට උපකාරී වනු ඇත.“

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ 2025 අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින රැස්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තුන්වන සමාලෝචනයට අනුමැතිය ලැබුණහොත් එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇත. එම ප්‍රවේශය හිමිවීමත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අරමුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1,333 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

“මේ අයවැය පොඩි එකාගේ ලියුම වගේ…., බොරු වර්ග තුනක් තිබේ” – ගම්මන්පිල

Published

on

By

මේ අයවැය අයවැයක් කියන්නේ මොකද්ද කියල දන්නෙ නැති අය සකස්කරපු පොඩිඑකාගේ ලියුම වගේ ලියවිල්ලක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.

අද (18) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මීට අවුරුදු 150කට පමණ පෙර බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට ද පත් බෙන්ජමින් ඩිස්රයලි ඔහු විපක්ෂ නායකවරයකුව සිටියදී අයවැය විවාදයට එක් වෙමින් බොරු වර්ග තුනක් ඇති බව පැවසීයැයිද කී ගම්මන්පිල මහතා, ඒ බොරු, පට්ටපල් බොරු හා, සංඛ්‍යා ලේඛන යැයිද ඔහු කීය.

ඩිස්රයලි කියන විදිහට බොරුවලට වඩා භයානකයි පට්ටපල් බොරු පට්ටපල් බොරුවලට වඩා භයානකයි සංඛ්‍යා ලේඛන යැයිද, එයට ලෝකයේ දැන් තිබෙන හොඳම උදාහරණය මුදල් අමාත්‍ය අනුර දිසානායක මහතාගේ මංගල අයවැය යැයිද ඒ මහතා කීය.

ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

Continue Reading

පුවත්

හෙට දිනයේ “අවධානය යොමු කළ යුතු” උණුසුමක්

Published

on

By

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි.

උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවට දැනුම් දී ඇත.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සිටින ලෙසටත් දැනුම් දී තිබේ.

එමෙන්ම වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිලිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හෙට දිනයේදී හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසටත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved