Connect with us

පුවත්

මේ සතියේ විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය ප්‍රකාශයට

Published

on

2025 වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් වීමසීමෙන් අනතුරුව එහි සමාලෝචන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවය.

“2025 වසරේ දෙවන අර්ධය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත්කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය හෙවත් 18.3%ක වැඩිවීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශන ක්‍රියාවලියක් ඒ උපදේශන ක්‍රියාවලිය තුළදී මහජනතාව විසින් ලබාදෙන ලිඛත සහ වාචික අදහස් යෝජනා අධ්‍යනය කිරීම අවසන් අදියරයේ පවතිනවා. ඒ වගේම යෝජනාව ගාස්තු ක්‍රමවේදයට ඇති අනුකූලතාවය පිළිබඳව ඒ සමාලෝචන කටයුතු අවසන් අදියරයේ පවතිනවා. ඒ නිසා බොහෝ වෙලාවට මේ සතිව තුළදී ඉදිරි අර්ධය සඳහා ක්‍රියාත්මක වන විදුලි ගාස්තු මොනවද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කවදාද කියන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට හැකිවේවී යන අපේක්ෂාව තිබෙනවා. මේ සතිය තුළදී බොහෝවිට මේ අවසන් තීන්දුව ප්‍රකාශය පත්කරන්න පුළුවන් වේවී.”        

මේ අතර විදුලි බල මණ්ලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ගෙන ආ යෝජනාව තුළින් මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විදුලි සේවක සංගමය පවසයි.

එහි ලේකම් එල්.පී.කේ කුමාමුල්ල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් 06කට විකිණීමේ ක්‍රියාමාර්ගයක නිරත වන බවය.

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved