Connect with us

පුවත්

මෛත්‍රී  වන්දි මුදල් ගෙවයි(UPDATE)

Published

on

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරු අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම වන්දි මුදල් ගෙවා නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒ සම්බන්ධයෙන් ලබන අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කරන මෙන් අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබුණි.

එම තීන්දුව නිකුත් කර ස්වල්ප වේලාවකින් පසුව අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් අදළ වන්දි මුදල ගෙවා තිබෙන බව සඳහන් කළේය.

එවිට විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥවරයාට දන්වා සිටියේ මෙම කරුණ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසය.

(පෙර පුවත 2025 මාර්තු 11 ප.ව.12.15)


මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී නිකුත් කර තිබේ.

ඒ, රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති අයට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස  අධිකරණය විසින් දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙනි.

මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියනයක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු  බවට  2024 ජූනි 06 වන දින නියෝග කලේය.

මෙම පෙත්සම අද (11) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවය.

ඒ අනුව, මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට අද නියම විය.

මේ සම්බන්ධයෙන්,  අප්‍රේල් 29 වැනිදා අධිකරණය හමුවේ හේතු දක්වන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මහතාට නියෝග කර ඇති බව වාර්තා වේ.

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved