Connect with us

පුවත්

මෛත්‍රී ඝාතනයට තැත් කළ කොටි කතට ආධාර දුන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

Published

on

2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන සම්මුගරාසා ගජබාලිනි නමැත්තියට අනුබල දීම ඇතුළු අධිචෝදනා 17ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් දෙදෙනා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (28) ප්‍රතික්‍ෂේප කලේය.

සෙල්වරාසා කිරුබාකරන් හෙවත් ගොස්තාර් හෙවත් මොරිස් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් දනුෂ් නමැති එම විත්තිකරුවන් දෙදෙනා මේ වනවිට වසර 15කට ආසන්න කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බව පෙන්වා දෙමින් එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග බණ්ඩාර හා අසිත විපුලනායක යන මහත්වරු එම ඇප ඉල්ලීම කර තිබුණි.

එම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවත් ඔවුනට එල්ල කර ඇත්තේ ද එම පනත යටතේ ගැනෙන චෝදනා බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥවරයා එම ඇප ඉල්ලීමට විරුද්ධත්වය දැක්වීය.

එම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්‍ෂි විභාගය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ලබන වසරේ අප්‍රේල් 28, 29 සහ 30 යන දින තුන තුළ පැවැත්වීමට ද දින නියම කලේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී පී. විජේරත්න හා දොන් ගුණපාල වීරසිංහ යන අයගේ මරණය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම හා තවත් පුද්ගලයන් පස්දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved