Connect with us

පුවත්

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත හෙක්ටෙයාර් 5000ක් ගොවීන්ට

Published

on

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගාකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මේ වන විටත් මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර තිබේ.

එයින් වන වගාව සඳහා පැළ සූදානම් කර ඇති හෙක්ටෙයාර් 3000ක භූමි ප්‍රමාණය තුළ කඩිනමින් වන වගා කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

ඉතිරි හෙක්ටෙයාර් 5000ක පමණ භූමි  ප්‍රමාණය නැවත වන වගාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු, වගා කටයුතු සඳහා තාවකාලික පදනම මත ගොවි ජනතාවට බෙදා දීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම ගව පාලනය සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් තාවකාලිකව නිදහස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙම කටයුතු සිදු කිරීමේදී මතුවිය හැකි නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් සාගල රත්නායක මහතා ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලු රේඛීය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබීය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත් යන මහත්ම මහත්මීහූ ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කැබිනට් තීරණ

බැංකු ගිණුම් විවෘත කිරීමේදී TIN අංකය අනිවාර්යයි

Published

on

By

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සිදුකිරීමට අනුමැතිය හිමිව ඇත.

2025 වසරේ අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසයි.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Continue Reading

පුවත්

පනත් කෙටුම්පතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති අතර ඒ අනුව පෙත්සම්කරු විසින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බවත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 

Continue Reading

පුවත්

හිටපු කාන්තා කටයුතු ඇමතිණියට නඩු

Published

on

By

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබේ.

නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ද නඩුව සමග ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved