Connect with us

පුවත්

මොරගොඩ – ශ්‍රින්ග්ලා හමුවේ

Published

on

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පෙරේදා (12) දින නවදිල්ලියේ දී 2023 සඳහා ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරක හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා හමුවිය.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධානය යොමු වූයේ, ඉන්දියාව G20 කණ්ඩායමේ සභාපතිත්වය දරන සමයේ දී ශ්‍රී ලංකාවට ඒ හා සම්බන්ධ විය හැකි විවිධ මාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් G20 කණ්ඩායමේ ප්‍රවේශය අවබෝධ කර ගැනීමේ හැකියාව පිළිබඳවයි.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා, ඉන්දියාවේ අසල්වැසි රටක් ලෙස G20 හි වැඩ කටයුතු සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාවට පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දියාව 2022 දෙසැම්බර් 01 වැනි දින G20 කණ්ඩායමේ සභාපති ධූරය වසරක කාලයක් සඳහා භාර ගත්තේය. එහි සභාපතිත්වය යටතේ, ඉන්දියාව 2022 දෙසැම්බර් මස සිට රට පුරා නගර 56 ක G20 රැස්වීම් 200 කට අධික සංඛ්‍යාවක් සඳහා සත්කාරකත්වය දැරීමට අපේක්ෂිතය. G20 නායකයින්ගේ රාජ්‍ය නායක/ආණ්ඩු ප්‍රධානී මට්ටමේ සමුළුව 2023 සැප්තැම්බර් 09 සහ 10 දෙදින නවදිල්ලියේ දී පැවැත්වීමට නියමිතය.

රටවල් 19ක් සහ යුරෝපා සංගමයෙන් සමන්විත අන්තර් රාජ්‍ය සංසදයක් වන G20 හෙවත් විස්සේ කණ්ඩායම, ජාත්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට අදාළ ප්‍රධාන ගැටළු විසඳීම සඳහා කටයුතු කරයි.

ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස වැඩ භාර ගැනීමට පෙර, හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා ඉන්දියාවේ විදේශ ලේකම්වරයා විය. ඉන්දීය විදේශ සේවයේ නිලධාරියෙකු වන ඔහු, මීට පෙර තායිලන්තය, බංගලිදේශය සහ ඇමරිකා එක්සත් ජනපදය සඳහා ඉන්දීය තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

පුවත්

ජනප්‍රිය මලයාලම් නළු මොහන්ලාල් අගමැති සහ කථානායක හමුවෙයි (ඡායා)

Published

on

By

චිත්‍රපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් අද (19) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්ව සිටියේය.

සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.


(පෙර පුවත 2025 ජූනි 19 ප.ව.12.30 )

ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට (වීඩියෝ)

ඉන්දීය සිනමාවේ සුපිරි නළු මොහාන්ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි මෙම සුපිරි නළුවා අද පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙන අතරතුර කථානායක ගැලරියට පැමිණ තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා විසින් ඔහුගේ පැමිණීම සඳහන් කරමින් උණුසුම්ව පිළිගන්නා බව සඳහන් කරන ලදී.

ඔහුගේ මෙම පැමිණීම සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්විය.

වීඩියෝ – Voice tube

Continue Reading

පුවත්

කෙහෙළිය ගෙදර යයි. බෑණා කෙනෙක් සහ අනෙක් දියණියන් දෙදෙනා අත්අඩංගුවට (UPDATE)

Published

on

By

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

නිවේදනයක් නිකුත්කරමින් එම කොමිසම පවසා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන බවය.

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවය)ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000 (රුපියල් මිලියන හතලිහ)ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු. 20,500,000 (රුපියල් ලක්ෂ දෙසිය පහ)ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඒ අනුව ඔවුන් අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියම කළේය.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.11.38 )

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දුම්රිය වර්ජනය කල් යයි (UPDATE)

Published

on

By

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.7.30 )

දුම්රිය නියාමකවරු අද රෑට වැඩ වර්ජනයක් අරඹයි

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved