පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අතුරුගිරිය පොලීසිය පැවසුවේ තරුණ යුවළක් යතුරු පැදියේ ගමන් කර ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේදිම තරුණිය මියගිය බවයි.
බරපතල තුවාල ලැබූ තරුණයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ කහන්තොට පාරේ පදිංචි 25 හැවිරිදි තරුණියකි.
මෙම යුවළ පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් සිය යතුරුපැදියෙන් ගොඩගම දෙස සිට මාළඹේ දෙසට යමින් සිටියදී පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේ මාර්ගය අලුත්වැඩියා කරන ස්ථානයක තිබූ කඩතොළු වූ ස්ථානයක යතුරුපැදිය වැටි විසිවී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සිදුවීමත් සමඟ දෙදෙනා පැළඳ සිටි හිස් වැසුම් ගැලවී තරුණියගේ හිස ලොරි රථයේ ගැටීමෙන් තරුණිය එම ස්ථානයේදී මියගොස් තිබූ අතර බරපතළ තුවාල ලැබූ (27) හැවිරිදි තරුණයා ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට පත් මෙම පෙම්වතුන් දෙදෙනා ඉදිරි දිනකදී විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනකු බවත් ඊට අවශ්‍ය කටයුත්තක් සඳහා ගොස් යළි එමින් සිටියදී මෙම අනතුරට පත්ව තිබූ බවත් පැවසේ.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.