Connect with us

පුවත්

යළි ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්

Published

on

ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහි තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයක් ද ආරම්භ කර ඇති බවය.

දැනට පවතින යහපත් තත්ත්වය හමුවේ බොහේ විට අද (25) දිනයේ ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනු ඇති බව සඳහන්.

දැනට පවතින සටන් විරාමය රැකගැනීමට ඊශ්‍රායලය හා ඉරානය යන රටවල් දෙකම එකඟ වී  ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එම කාර්යාලය පැවසුවේ ඊයේ (24) දවස තුළ ඊශ්‍රායලයෙන් පිටත්වූ  ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොළ හරහා කොළඹට පැමිණි බවය.

ශ්‍රී ලංකාවේ  දැනට රැඳී සිටින පිරිස් යළි ඊශ්‍රායලය වෙත පැමිණීමට තම ගුවන් ටිකට්පත් අදාළ ගුවන් ටිකට් පිළිබඳව විස්තර අදාළ විදේශ රැකියා ආයතන මඟින් විමසන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

බොහෝ මගීන් පිරිසක් එකවර පැමිණීමට අපේක්ෂා කරන බැවින් ගුවන් ටිකට් පත් ලබා ගැනීමට තරමක තදබදයක් තිබිය හැකි බව ද සඳහන්ය.

ටෙල් අවිව් වෙත පැමිණෙන ගුවන ගමන් හෝ ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපොළේ තත්ත්වය පිළිබඳව වැඩිදුර  විස්තර සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටී.

මේ අතර සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදුකළ දුරකථන සංවාදයකින් අනතුරුව තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම කොන්දේසි ඊශ්‍රායලය පිළිපදින්නේ නම් පමණක් සටහන් විරාමයට අනුගත වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා තිබේ.

ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය (Updated 18.30 – 24/06/2025) 1. ඉරාන – ඊශ්‍රායිල් යුධ තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට…

Posted by Nimal Bandara on Tuesday, June 24, 2025

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved