Connect with us

පුවත්

යාපනයේදී යලිත් කඩු හරඹ පෙන්නූ 3ක් අත්අඩංගුවට  

Published

on

පසුගිය මැයි 25 වනදා යාපනය පොලිස් වසමේ, පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවලින් පහරදී බරපතළ තුවාල සිදු කල සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් සැකකරුවෙක් යතුරුපැදියක් සමග යාපනය පොලිස් වසමේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ අපරාධය සඳහා යොදාගත් තවත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇත.

තවද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් ලද තොරතුරු මත එම අපරාධයට යොදාගත් කඩුවක්, මුහුණු ආවරණය කරන කළුපාට රෙදි කැබලි 4ක් වන්නාරපන්නෛයි මාර්ගයේ ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 20 වයස්වල පසුවන මානිප්පායි හා කොකුවිල් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සැකකරුවන් අද (02) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ක්‍රීඩා

වැස්සෙන් පසු බංග්ලාදේශය අසරණ වෙයි

Published

on

By


ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට අද (18) තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ දෙවන දිනට අද (18) තරගය ආරම්භ කරන විට බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක සිටියත්, මුලු ලකුණු 309ක් වනවිට ලකුණු 148ක් රැස්කරගෙන සිටි ශාන්ටෝ දැවී ගියයේය.

කෙසේ වෙතත් එම දවාගැනීමේ වාසි අත්කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

4වන කඩුල්ලට පිටියේ එක් වූ ලිටන් දාස්, ඒ වනවිට ලකුණු 110ක් රැස්කරගෙන සිට මුෂ්ෆිකර් රහීම් සමගින් එකව අගාන ලකුණු සබඳතාවක් ගොඩනැගූහ.

ඔවුන් දෙදෙනාට බංග්ලාදේශ ඉනිම මුලු ලකුණු 423ක් දක්වා ඉදිරියට රැගෙන යාමට හැකිවූහ.

කෙසේ වෙතත් රහීම් – දාස් 5වන කඩුල්ලට ලකුණු ලකුණු 114ක් සබඳතාවක් පවත්වාගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ හේතුවෙන් තරගය බොහෝ වේලාවක් ප්‍රමාද වූ අතර, නැවත තරගය ආරම්භවීමේදී පෙර රිද්මයෙන් ඉනිම ගොඩනැගීමට රහීම් – දාස්ට නොහැකි විය.

වැස්සෙන් පසු බංග්ලාදේශ ඉනිමට ලකුණු 35ක් එක් වද්දී ලකුණු 163ක් රහීම් දාවී ගිය අතර, ඉන් ලකුණු 26ක් එකතුවද්දී තවත් කඩුලු 4ක් දවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

මෙහිදී ලිටන් දාස්ගේ ඉනිම ලකුණු 90කට සීමා විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු (3/80), මිලාන් රත්නායක (3/38) හා තරිඳු රත්නායක (3/196) කඩුලු 3 බැගින් දවාගත්තේය.

Continue Reading

පුවත්

ඉරාන උත්තරීතර නායක කමෙනිගෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර

Published

on

By


ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ‘තම රට කිසිවිටකත් යටත් නොවන බව’ පවසා තිබේ.

එරට රූපවාහිනී නාලිකාවක් හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායලට එරෙහිව තමත් දියත්කරන ප්‍රහාරවලට අමෙරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදුකළ හොත් එය ඔවුන්ට ද ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වෙයි කියලා අමෙරිකානුවන් දැනගත යුතු බවයි.

“ඉරානය, එහි ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසිවිටකත් තම රාජ්‍යයට තර්ජන කරන්න පෙළඹෙන්නේ නෑ. ඉරාන ජාතිය කාටත් යටත් වෙන්නේ නෑ.

ඒ නිසා අමෙරිකාව දැනගත යුතුයි ඔවුන්ගේ ඕනෑම යුදමය මැදිහත්වීමකින් නිසැකවම සිදුවෙන්නේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකරගැනීමක් පමණයි” අලි කමේනි අනතුරු අඟවා තිබේ.

ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය පිළිබඳව අමෙරිකානු ජනධිපති පවසා සිටියේ, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය තම රට දැන සිටින නමුත්, ඔහු ඝාතනය කිරීමට මේ වනවිට කටයුතු නොකරන බවයි.

එසේම ඉරානය වහාම කොන්දේසි විරහිතව යටත්විය යුතු බවත් එහිදී ඔහු පවසා තිබේ.

Continue Reading

පුවත්

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට (UPDATE)

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

——————–

කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප (UPDATE)

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

(පෙර පුවත 2025 ජූනි 18 ප.ව.4.51 )


(පෙර පුවත 2025 ජූනි 18 ප.ව.4.24 )

කෙහෙළිය, බිරිඳ හා දියණිය අධිකරණයට රැගෙන එයි


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

අද (18) දහවල් මොවුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 18 ප.ව.2.10 )

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ හා දියණිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකටය.

 


(පෙර පුවත 2025 ජූනි 18 පෙ.ව.10.06 )

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved