Connect with us

පුවත්

නැව් නැග හොරෙන් රට පනින්න හැදූ සිවුදෙනා රිමාන්ඩ් (Update)

Published

on

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු විදෙස් නෞකාවකට හොරෙන් ඇතුලු වී නිතිවිරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයන් හතර දෙනා රිමාන්ඩ් කර තිබේ.

ඊයේ (10) සවස ඔවුන් සිවුදෙනාව ගාල්ල වරායේ ආගමන විගමන නිලධාරින්ට බාරදී ඇති අතර, ඔවුන්ව අප්‍රේල් 18 දක්වා රිමාන්ඩ් කරන මෙන් ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා නියෝග කළේය.

(පෙර පුවත: 2023 අප්‍රේල් 11, පෙ.ව.10:17)

යාපනයේ 4ක් නැවකට හොරෙන් රිංගා රටපනින්න හදලා!

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු විදෙස් නෞකාවකට හොරෙන් ඇතුලුවි නිතිවිරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයන් හතර දෙනකු නෞකාවේ සිටියදී එහි සේවකයන් විසින් හඳුනා ගැනිමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන තිබේ.

නෞකාව ඊයේ (10) සවස ගාල්ල වරායට පැමිණ ඔවුන් සිවුදෙනා ගාල්ල වරායේ ආගමන විගමන නිලධාරින්ට බාරදී ඇත.

ඔවුන් කොළඹ වරායට මාර්තු 24 දින පැමිණ තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් එම්.වී.සී.එම්.ඒ.සී.ජී.එම්.පැනමා නැමැති නෞකාවට හොරෙන් ඇතුළු වී ඇති අතර, එම නෞකාව මාර්තු 25දින කොළඹ වරායෙන් පිටත්ව යුරෝපය බලා ගමන් ආරම්භ කර තිබේ.

කෙසේවෙතත්, මෙම පුද්ගලයන් සිව්දෙනා පිළිබඳව කරුණු අනාවරණය වීමත් සමග, මෙම නෞකාවේ කපිතාන්වරයා විසින් මේ පිළිබඳව සිය මව් සමාගම දැනුවත් කර, ඔවුන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන එම සමාගමට අයත් එම්.වී.ජැක්සන් බේ නෞකාව වෙත මාර්තු 28 දින ඔවුන්ව භාර දී තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනය වේලනයි, තොන්ඩමනාරු, පුදුකුඩිඉරුප්පු සහ අරාලි උතුර යන ප්‍රදේශවල පදිංචි 21,22,35 යන වයස්වල පසුවන තරුණයන් සිවුදෙනෙකි.
ආගමන විගමන නිලධාරින් පැවසුවේ තම පරික්ෂණ අවසන්විමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ඔවුන් වරාය පොලිසිය වෙත බාරදෙනු ලබන බවය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved