Connect with us

පුවත්

යුක්තියේ මෙහෙයුමට මහා සංඝරත්නයේ ආශිර්වාදය

Published

on

විදෙස් රටවල සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම විදෙස් රටවල් සමග සාකච්ඡා කොට වැඩපිළිවෙලක්සකසා ගන්නා ලෙසත් අපරාධ මර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ආශීර්වාදය හිමිවන බවත් මල්වතුපාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පැවසූහ.

මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් ඒ බව අවධාරණය කර සිටියේ යුක්තිය මෙහෙයුම ආරම්භවී මසක් සපිරීම නිමිත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (17) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහානා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

එහිදී මල්වතු මහානා හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා ආරම්භ කොට ඇති එම මෙහෙයුම මෙරට සමස්ත ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් බවත් එය අඛණ්ඩව සිදුවිය යුතු බවත්ය එහිදී මහා නායක හිමිවරුන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය ටිරන් අලස් මහතා පවසා සිටියේ යුක්තිය මෙහෙයුම ආරම්භ වී මසක් වැනි

කෙටි කාලයක් තුළදී බලාපොරොත්තුවූ ඉලක්ක රැසකට ළඟාවීමට හැකි වූ බවයි.

මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් සිදුකොට සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි රජය සමඟ සාකච්ඡා කළ බවද අලස් මහතා එහිදී මහානාහිමිවරුන් හමුවේ අවධාරණය කරමින් නම ගිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තරයට රතු නිවේදන නිකුත්කොට ඇති බවද පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යටිරාන් අලස් මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් ද මල්වතු අස්ගිරි අනූනාහිමිවරුන් ද බැහැදුටුවේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත්භාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved