Connect with us

පුවත්

යෙන් මිලියන 300ක ආධාර සඳහා හුවමාරු සටහන් පත්‍රයට අත්සන් තැබේ

Published

on

ජපන් රජය “Clean Sri Lanka” වැඩසටහනට සහය දැක්වීමට ජපානයේ කැපවීම යලි තහවුරු කරමින් ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් සැපයීම සඳහා අද (03) දිනයේදී ශ්‍රී ලංකා රජය සමඟ හුවමාරු සටහන් පත්‍රයක් අත්සන් කළේය. 

අත්සන් තැබීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුඉනා මහත්මිය අතර සිදූවිය. 

මෙම හුවමාරු සටහන් පත්‍රයට අත්සන් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමතා මහතා සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්.සිරිවර්ධන මහතා විසින්ය.

මෙම ප්‍රදානය යටතේ ජපන් සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද උසස් තත්ත්වයේ කසළ සම්පීඩක 28ක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය (NSWMSC) හරහා බස්නාහිර, උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ඉහත පළාත් වල අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප්‍රවාහනය කිරීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම, වඩාත් සනීපාරක්ෂක සහ පාරිසරික වශයෙන් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයක් සහතික කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු කරයි.

අපද්‍රව්‍ය ජනනය මගින් මහජන සෞඛ්‍යයට සහ වායුගෝලයේ ගුණාත්මක භාවයට ඒල්ලවන අභියෝග සහ එහි බලපෑම මැඩලීමේ හදිසි අවශ්‍යතාවය හඳුනා ගනිමින්, ජපානය, බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම සැකසීම සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළුව අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා නිරන්තරයෙන් සහාය ලබා දී ඇත. ශ්‍රී ලංකාවට පාරිසරික අභියෝග වලට මුහුණ දීමට හැකිවනු පිණිස, තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානය දක්වන දිගුකාලීන කැපවීම, මෙම නවතම ආධාර ප්‍රදානය මගින් අවධාරණය කරයි. 

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved