Connect with us

පුවත්

යෝෂිතට CID යෙන් කැඳවීමක්

Published

on

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා (03)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ , අයතා වත්කම් උපයාගැනීමට සම්බන්ධ සිදුවීමකට අදාළවය.

මේ සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) පැය කිහිපයක ප්‍රකාශ  ලබා දී තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි, මේජර් නෙවිල් වන්නිආරච්චිට දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණ තිබුණේ නැත.

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

ඡායාරූප සටහන

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

පුවත්

මේ වසරේ සුරාසැල් වැසෙන දින මෙන්න

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති බව, සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved