Connect with us

පුවත්

රංජිත් බණ්ඩාරට විශ්වාසභංගයක්

Published

on

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම විශ්වාසභංග යෝජනාව සදුදා බාරදීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අතර ඇතැයි පැවසෙන සබඳතා (ළබැදියාවන් අතර ගැටුම) හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙති.

රංජිත් බණ්ඩාර මහතාගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බවද  එම විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි.

ඔහු සිය පුත්‍රයා කෝප් කමිටුව හමුවට කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ගන්නා බවද කතානායකවරයා කීවේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු  කමිටුවක් පත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කතානායකවරයාගෙන්  ඉල්ලීමක් කළේය.

කෝප් කමිටුවේ රැස්වීම් දින නියමයක් නොමැතිව නතර කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ තීරණය කළේය.

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved