Connect with us

පුවත්

රක්ෂණ සභාපතිට වෙඩි තිබ්බට මාතර සභාපති ඇතුළු 4ක් අල්ලයි!

Published

on

මීගොඩ ගැමුණු මාවත ප්‍රදේශයේදී සමුපාකාර රක්ෂණ සමාගමේ නව සභාපති දර්ශන ලලිත් සමරවික්‍රම මහතා ට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර සමුපාකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන් අතර බස් රථ හිමි ව්‍යාපාරිකයෙක්, යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළෙකු සහ බස් කොන්දොස්තරවරයෙකු ද සිටින බව පොලීසිය කියයි.

වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවියත් වෙඩික්කරුවන් ගමන් ගත් යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක්ද බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

හිටපු සභාපතිවරයාගේ සමීපතමයෙකු වන මාතර චමින්ද නැමැත්තා විසින් කළුතර වරකාගොඩ පදිංචි පුද්ගලයෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබෙන බව හෙළිවී තිබේ. 

වරකාගොඩ පදිංචි පුද්ගලයා පුද්ගලික ආරක්ෂක අංශයක සේවයේ නිරතව සිටින අයෙකු බවත් ඔහු කුලියාපිටියේ පදිංචි හිටපු හමුදා සෙබළෙකුට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබා දෙමින් රක්ෂණ සමාගමේ නව සභාපතිවරයාගේ ඝාතනයට යොදවා ඇති බව අනාවරණය වී ඇත. 

අවස්ථා කිහිපයකදීම වර්තමාන සභාපතිවරයාට වෙඩි තැබීම සදහා පැමිණිය ද එය මඟ හැරි ඇතැයි පොලීසිය කියයි.

වෙඩික්කරුවා සමඟ යතුරුපැදිය පදවා ඇත්තේ කළුතර වැල්ලපිටිය පදිංචි අයෙක් බවද අනාවරණය වී ඇත. 

ඒ අනුව මාතර චමින්ද නැමැත්තා ඔහු විසින් ඝාතන කොන්ත්‍රාත්තුව ලබා ගත් වරකාගොඩ පදිංචි පුද්ගලයාත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, සිටින බව බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ මාස කිහිපයකට පෙර බවද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව තිබේ.

පසුගිය මැයි 25 වැනිදා වෙඩික්කරු සහ ඔහුගේ සහායකයා නව සභාපතිවරයාගේ නිවස පිහිටි ප්‍රදේශයේ සැරිසරමින් ඔහු සම්බන්ධයෙන් තොරතුරු රැස්කර ඔහුගේ මුහුණ හඳුනාගෙන ඇති බවද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළිව තිබේ. 

එහිදී නව සභාපතිවරයාගේ වාහනය ගමන් ගන්නා මාර්ගය පවා හොඳින් නිරීක්ෂණය කර ඝාතන සැලසුම සකස් කර ඇති බවද අනාවරණය වී ඇත.

නව සභාපතිවරයාට වෙඩි තැබීමෙන් පසු හයිලෙවල් මාර්ගයට පැමිණ ඇති මෙම වෙඩික්කරු සහ යතුරුපැදිකරු හොරණ මාර්ගය ඔස්සේ පාදුක්කට පැමිණ ඒ ඔස්සේ කළුතර වරකාගොඩට පැමිණ ඇති බවද ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් හෙළි කර ඇත.

මාතර චමින්ද නැමැති පුද්ගලයා මෙම රක්ෂණ සමාගමේ කොටස් කරුවෙකු බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. 

හිටපු සභාපතිවරයාගේ අනුදැනුම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව හෙළිවී ඇත්තේ මාතර චමින්ද නැමැති පුද්ගලයා විසින් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. 

වෙඩික්කරු 2010 වසරේ යුද හමුදාවෙන්  ඉවත්වූ අයෙකු බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. 

වරකාගොඩ පදිංචි ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයා ළහිරු මනරම් නමැති අයකු බවත් වෙඩික්කරු ප්‍රසන්න කුමාර නමැත්තකු බවත් පොලිසිය කියයි. 

ප්‍රසන්න කුමාර නමැති වෙඩික්කරු ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ සාර්ථකව මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කළහොත් විශාල වශයෙන් මුදල් මෙන්ම උපකාර ද කරන බව පැවසූ බවයි.

වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය චීනයේ නිෂ්පාදිත එකක් බවද පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත.

සැකකරුවන් පැය 48ක රඳවා ගැනීමේ නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කර අපරාධයේ සුලමුල හෙළි කර ගැනීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පුවත්

මාර්ග අනතුරු අවම කිරිමට දැඩි නීති

Published

on

By

මාර්ග අනතුරු අවම කිරිමට දැඩි නීති රීති ගෙන ඒමට අවශ්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට තිබෙන නීතී රිති ද ශක්තිමත් කරන බවය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින නීතී රිති පොලිස් නිලධාරින් විසින් නිසි ලෙස ක්‍රියාවට යෙදවිය යුතු බවයි.

පොලිස් නිලධාරීන් විසින් එම නීති රීති ක්‍රියාවේ යොදවන්නේ නැති අවස්ථා පිළිබඳව ද සොයා බලන බව අමාත්‍යවරයා විසින් සදහන් කරන ලදී.

කොත්මලේ බස් රථ අනතුර පිළිබද විමර්ශනය කිරිමට පත් කළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ලැබෙන බව අමාත්‍යවරයා පවසයි.

එම කමිටුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිණි.

Continue Reading

පුවත්

පළාත් පාලන නියෝජිතයන් ගැසට් කිරීම: ලැයිස්තුව ලැබෙන පිළිවෙලටයි

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමේදී අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව පක්ෂ හා කණ්ඩායම් ලේඛන ලබා දෙන පිළිවෙල අනුව එම නම් ගැසට් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව එම ලැයිස්තු ලැබෙන පරිදි තේරි පත්වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව සහ කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය කෙසේදැයි පක්ෂ ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇති බවද  මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවසන ලදී.

මේ වන විට එම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලින් ඊට ලැබෙන ප්‍රතිචාරය යහපත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පළාත් පාලන ආයතන සභා ජුනි 2 වන දා වන විට ආරම්භ කිරීමට හැකි වන පරිදි මැතිවරණ පවත්වා තම කාර්යභාරය අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් දින 07ක් ඇතුළත එවන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

පොලිස් රහස් රැක්කෙ නැතැයි කොස්තාපල් ගේ වැඩ තහනම්

Published

on

By

පොලිස්පති නියෝග ඇතුළත් චක්‍රලේඛ පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් වෙත වට්ස්ඇප් සමූහයක් ඔස්සේ යොමු කළ බව කියන පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අයත් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.

අදාළ කොස්තාපල්වරයා උසස් නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව ඔහුගේ පෞද්ගලික දුරකථනය යොදාගෙන CRTM / RTM messege No 3 නමින් වට්ස්ඇප් සමූහයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ගෙන් කිහිපදෙනකු පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ කොස්තාපල්වරයා පොලිසියේ රාහස්‍යභාවය ආරක්ෂා නොකරමින් පොලිස් නිලධාරීන් පමණක් දැන ගත යුතු කරුණු පිටස්තර පුද්ගලයන් දැනුවත් වෙන අයුරින් කටයුතු කරමින් වගකීමකින් තොරව, විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එම වැඩ තහනම සිදුකර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved