Connect with us

පුවත්

රජයේ ආයතනවලින් ඉවතලන කඩදාසි ගැන තීරණයක්

Published

on

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අත්‍යවශ්‍ය වන බවයි සඳහන් වේ .

ඒ සඳහා රජයේ ආයතනවල ඉවතලන කඩදාසි ලබාදීමෙන් ප්‍රමාණවත් සහ අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් සිදුවන බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව, රජයේ මුද්‍රණාලය , රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව , මැතිවරණ කොමිෂන් සභාව , අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන ,  විශ්වවිද්‍යාල , රජයේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තතු වලින් බැහැර කෙරෙන කඩදාසි තොග මේ සඳහා ලබා ගැනීමට නියමිතය.

ඒ අදාළ ප්‍රවාහන පහසුකම් සැපයීම කඩදාසි සමාගම මගින් සිදුකිරීමේ පදනම මතය.

එමෙන්ම, අනෙකුත් රාජ්‍ය සංස්ථා , මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධ ආයතනවල ඉවතලන කඩදාසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ජාතික කඩදාසි සමාගම වෙත සහනදායී මිලකට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි විය.

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

ඡායාරූප සටහන

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

පුවත්

මේ වසරේ සුරාසැල් වැසෙන දින මෙන්න

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති බව, සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved