Connect with us

පුවත්

රජයේ බැංකු 2ක් හෙට විවෘතයි

Published

on

පොහොය දිනයක් වුවත්, හෙට (30) දිනයේ රජයේ බැංකු 2ක් විවෘතව තැබෙන බව රජය දැනුම්දෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් ලංකා බැංකුව සහ මහජන බැංකුව මෙලෙස විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ අතර, හඳුනාගත් ඇස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 02 අතරින් ප්‍රතිලාභීන් මිලියන 1.5ක් සඳහා මුල් අදියරේ ගවෙීම් සිදුකරන බව අද (29) පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බවද ඔහු කියා සිටියේය.

පුවත්

තෛපොංගල් දිනය අද යි

Published

on

By

හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අද (14) ට යෙදී තිබේ.

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, මෙම  උත්සවයේ අරමුණයි.

හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය, තෛ යි යනුවෙන් හැඳින්වෙන අතර,  පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්න ය.

ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ.

නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පුජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයකි.

ස්වභාවධර්මය සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතුරින් මෙම උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයක් වන අතර හිරු උදාවත් සමග හින්දු බැතිමතුන්   තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකි ය.

වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද , අලුත් උක් ගසකින් ගත් පැණි ද , එළකිරි යෙදු කිරිබත් ද , මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක් ද  හිරු දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ මුලික චාරිත්‍ර කිහිපයකි.

Continue Reading

පුවත්

ජංගම දුරකථන පැකේජ ගාස්තු වැඩි කරලාද?

Published

on

By

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට අවසර දී නොමැති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ ( 13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ, විදුලි සංදේශ සේවාවන්ට අදාළ මිල ගණන් අනුමත කිරීමේ කාර්යේ නියුතු අධ්‍යක්ෂ වශයෙන් ජංගම දුරකථන පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළවූ වාර්තා පිළිබඳව පැහැදිලිවම ප්‍රකාශ කර සිටින්නේ 1991 අංක 25 දරණ විදුලි සංදේශ පණතින් ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව, සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට කිසිම සමාගමකට අපි අවසර දී නොමැති බවයි.

මේ පුවත කොමිෂන් සභාවට දැනගන්න ලැබීමත් සමග කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම්වලින් ඒ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා. එම සිදුකිරීමට අනුව ඒ සියලුම ජංගම දුරකථන සමාගම් පවසා සිටියේ කිසිම මිල වැඩි කිරීමක් කර නොමැති බවයි. ඒ පිළිබඳව එම සමාගම් ලිඛතව කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට මහජනතාව නොරැවටෙන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේවුවත් යම් කිසි පාරිභෝගිකයෙකුට තමා සක්‍රීය කරගෙන ඇති ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ යාමකට මුහුණ දී සිටීනම් ඒ පිළිබඳ සත්‍ය තොරතරු සාඳක සහිතව කොමිෂන් සභාවට නොපමාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. මොකද එවැනි මිල ගණන් වැඩිකිරීමක් කළහොත් එය කොමිෂන් සභාව විසින් සේවාදායක සමාගම් වෙත ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි කඩකිරීමක් වෙනවා. එවැනි බලපත්‍ර කොන්දේසි කඩකිරීමක් කරනු ලැබුවහොත් එවැනි සේවාදායක සමාගම්වලට විරුද්ධව අපගේ පනතේ ඇති බලතල අනුව ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව කොමිෂන් සභාව සතුයි”

Continue Reading

පුවත්

වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කරයි

Published

on

By

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

එසේ පත් කරනු ලැබූ වැඩබලන අමාත්‍යවරු පහත පරිදි වේ.
ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය  එරංග වීරරත්න මහතා
ආරක්ෂක වැඩබලන අමාත්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා
මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා 
ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved