Connect with us

පුවත්

රජය ඇණවුම් කළ සහල් බෙදා හැරීම අද සිට

Published

on

රජය විසින් මෙරටට ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද(01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි .

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය ලෙස සහල් මෙට්‍රික්ටොන් 780ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බවය.

ඉන් සහල් මෙට්‍රික්ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බව ද ඔහු ප්‍රකාශ කලේය.

එමෙන්ම,  තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවද සභාපතිවරයා පවසා තිබේ.

ඊයේ (31) දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර වරායෙන් පිටත් කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කලේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවය.

මේ අතර පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික්ටොන් 80000ක්ද මේ වන විට වෙළෙඳපොළට මුදා හැර තිබේ.

පුවත්

බූස්සේ රැඳවියන් පිරිසක් විරෝධයක් අරඹයි

Published

on

By

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved