Connect with us

පුවත්

රජවැල්ලේ ගල සෙවීම CIDයට බාර දෙයි!

Published

on

රජවැල්ල පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමැති ඉපැරණි වටිනාකමකින් යුත් පාෂාණය සොරා ගෙන යාමේ සිද්ධියේ පොලිස් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇතැයි වාර්තා වේ.

වර්ෂ1707-1739 කාලයේ කුණ්ඩසාලය ප්‍රදේශය තම රාජධානිය කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රජ මාළිගා පරිශ්‍රය පිහිටියේ මෙම පල්ලෙකැලේ උඩමලුව පුරාවිද්‍යා රක්ෂිතයේය. 

වසර 300 කට වඩා පැරණි කැටයම් යොදා කටාරම් කොටා තිබූ කිලෝ දහසකටත් වඩා බරකින් යුතු එම පාෂාණය ඉකුත් දෙසැම්බර් 13 – 14 අතර රාත්‍රි කාලයේ කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබුණි.

එහි පොලිස් විමර්ශන කටයුතු කළ පල්ලේකැලේ පොලිසිය අදාළ විමර්ශන කටයුතු මන්දගාමීව සිදුකරන බවට විවිධ අවස්ථාවලදී චෝදනා නැගුණු අතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු මැරයන් පිරිසක් සිද්ධියට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබුණි.

එම සඳගල නමැති ඉපැරණි පාෂාණය රැගෙන යාම සඳහා පැමිණි වාහනවල අංක තහඩු සීසීටීවී කැමරාවල පැහැදිලිව සටහන්වී තිබියදීත් එහි පොලිස් විමර්ශන කටයුතු මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා විවිධ කට කතා ද පැතිර යමින් තිබුණි.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගෙන් කළ විමසීමකදී පවසා සිටියේ එම සිද්ධියේ විමර්ශන කටයුතු වඩාත් පුළුල්ව සිදු කළ යුතුව තිබෙන බැවින් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණු බවයි.

පුවත්

පුංචි ආණ්ඩු හදන්න ආණ්ඩුව, මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සන්ධානය අතර රහස් කතා

Published

on

By

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල ප්‍රධාන පක්ෂවල සභිකයන්, ස්වාධීන කණ්ඩායම් සහ වාමාංශික මතධාරී වෙනස් දේශපාලන පක්ෂ සංවිධානවල සහාය ලබාගෙන විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරමින් ඇත. 

විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළත් තේරී පත්වූ සභිකයන් සමඟ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඒ එම සභිකයන්ගේ සහාය ස්වාධීනව ලබා ගැනීම සඳහාය. ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කීරීමටත් එසේම ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතින බව සඳහන් වේ.

(දේශය)

Continue Reading

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved