Connect with us

පුවත්

රටයන අයට විභාග සහතික සහතික කිරීම on-line ක්‍රමයට 

Published

on

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කිරීම සඳහා ඉල්ලුම් කෙරෙන විභාග සහතික පත්‍ර අද (07) සිට අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමයට ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත.

2001 වසරේ සිට පැවැති සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමය අදාළ වන බවත් මින් ඉදිරියට එම සහතික පත්‍ර ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණීම අවශ්‍ය නොවන බවත්  විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සහතික පත්‍රයේ දෘඪ පිටපතක් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරනු ලැබූ විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කෙරෙන බවත් විභාග දෙපාර්තමේන්තුවට අදාළ ඉල්ලීම ලද අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය පිළිබඳ කෙටි පණිවුඩ මගින් අයදුම්කරු දැනුවත් කරනු ලබන බවත් එහි සඳහන් වෙයි.

මෙම සහතික පත්‍රය බාහිර පාර්ශ්වයන් සඳහා මාර්ගගතව සනාථ කරගත හැකි වන අතර ඒ සඳහා [email protected] යටතේ ඇති issued online certificate මගින් එම පහසුකම සලසා ගත හැකි බව එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමට අවශ්‍ය නම් 1911, 0112788137, 0112784323 යන දුරකථන අංක ඔස්සේ අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

පුවත්

බැංකු හා මූල්‍යකරුවන්ට ඡන්දෙ දාන්නවත් නිවුඩා නැති බව කියා මැකෝට පැමිණිලි

Published

on

By

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවල සේවකයන්ට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන්ට නිවාඩු දීමට සේවායෝජකයන් කටයුතු කළ යුතු බවට 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වැනි වගන්තිය අනුව විධි විධාන සලසා තිබෙන බවත්, මෙමස 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී එය නිසි පරිදි ක්‍රියාත්මක වියයුතු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මේ අනුව සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු හා වෙනත් මූල්‍ය ආයතනයන්හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේදී ස්වකීය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලට යෑමට ප්‍රමාණවත් සේ වැටුප් සහිත නිවාඩුවක් ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

ජනපති සභාපති කළ “සහදේවන්” සවුත්තු බව කියා තල් සංවර්ධනයේ සේවකයෝ විරෝධතාවක

Published

on

By

ජනාධිපතිවරයා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇති විනයාගමූර්ති සහදේවන් නැමැත්තා දූෂිතයකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක නිරත වූහ.

ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති බවත්, වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ යුතු බවත් කියමින් විරෝධතාවයේ නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවන් මේ ගැන තොරතුරු සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක්ද යවා ඇත. 

දෙවනි වරට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කළ පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් ඔහුගේ සමාජ භූමිකාව ගැන සොයා බලා කටයුතු කරන ලෙසත් එම ලිපියේ සඳහන් කොට ඇත. 

මෙම පත්වීම් මැතිවරණ ක්ෂේත්‍රය තුළත් පසුගිය කාලයේදී ආන්දොලනයට පත්විය.

මෙම පත්වීම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (ටී.අයි.එස්.එල්.) මැතිවරණ කොමිෂන් සභාවටත් පැමිණිලි කර තිබිණි. 

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි මහතා පත්කර තිබුණු අරත ඊට දින 12කට පසුව ඔක්තෝබර් 22 වැනි දින ඔහුව ඉවත් කොට ප්‍රශ්නගත තත්ත්වය මතුකර ඇති විනයාගමූර්ති සහදේවන් මහතා ජනපතිවරයා විසින් පත් කර තිබිණි.

කෙසේවුවද, මෙලෙස ප්‍රධානීන් වෙනස් කිරීම සහ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව පනවා ඇති සීමාවන් නොතකා විෂයභාර අමාත්‍යවරයා ක්‍රියා කිරීමක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මැතිවරණ කොමිසමට දන්වා සිටියේය. 

Continue Reading

පුවත්

මහ බැංකුවේ නිල සංචිත වත්කම් ඉහළට

Published

on

By

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත.

මෙය 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමකි.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබේ.

2024 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසිනි.

මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 42ක් දක්වා 5.8% කින් වැඩී වී තිබේ.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved