Connect with us

පුවත්

රටින් ගෙනා සොසේජස්වල ඌරන් මරණ වෛරසයක්

Published

on

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව හොර රහසේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ආනයනය කර තිබූ, ඌරන් මියයෑමට දැඩි බලපෑමක් එල්ල කරන “African swine fever virus” සහිත සොසේජස් තොගයක් රේගු සහ නිරෝධායන අංශ නිලධාරින් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සොසේජස් ඇතුළු මස් තොගය ආනයනය කර ඇත්තේ චීනයෙන් බවද පැවසේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව අදාළ ආනයනකරු විසින් ශීත කරන ලද නැවුම් තාරා මස් කිලෝ ග්‍රෑම් 2560 ක්, ශීත කරන ලද නැවුම් කුකුළු මස් කිලෝ ග්‍රෑම් 171 ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56 ක්, තාරා ඔළු කිලෝ ග්‍රෑම් 132 ක්, කුකුළු තටු කිලෝග්‍රෑම් 20 ක් සහ ස්වීට් කෝන් රෝල් සොසේජස් කිලෝග්‍රෑම් 288 ක් මෙලෙස ආනයනය කර තිබූ බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සොසේජස් සහිත මස් බහාලුම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිරෝධායන අංශවල නිලධාරින්ට දැනුම්දී ඇති අතර, එහිදී අදාළ සාම්පල පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ සොසේජස් තුළ “African swine fever virus” නමැති වයිරසය අඩංගු වන බවය. 

එම වෛරසය අප්‍රිකානු සූකර උණට බලපාන ලද රෝග කාරකය බවද පැවසේ.

මෙම  ඌරන්ගේ ශරීර තුළට ඇතුළුවූ පසුව රක්තපාත උණ රෝගය ඇති කරන අතර, එහි බලපෑම මත ගෘහස්ථව ඇතිකරන ඌරන් සතියක කාලයක් තුළදී මිය යෑමේ අවදානම් තත්වයක් උද්ගත වේ.

මේ සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසා ඇත්ත‌ේ අදාළ ආහාර තුළ මෙම වයිරසය තිබෙන බවට පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කරන ලද පරීක්ෂාවේදී අනාවරණය කරගෙන ඇති අතර, ඒ අනුව, අදාළ සොසේජස් තොගය පමණක් නොව අනෙකුත් සියලු මස් තොගයද විනාශ කිරීමට නිරෝධායන අංශ තීරණය කළ බවයි.

මෙරටට මස් හෝ මස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය අනිවාර්යයෙන්ම ලබාගත යුතු අතර, එවන් අවසරයෙන් තොරව මස් වැනි දෑ ආනයනය කළ නොහැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දී ඇත.

මෙම වයිරසය ඌරු ගොවිපොළවලට ඇතුළු වුවහොත් එය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත්, එම නිසා අදාළ සියලු මස් අද (18) විනාශ කිරීමට නියමිත බවත් ඇය පවසා ඇත.

මෙලෙස භාරයට ගත් මස් සහ සොසේජස් තොගය ආරක්ෂාකාරීව වැලිසර ප්‍රදේශයේ ගබඩාවක තැන්පත් කර ඇතැයිද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වයිරසය මෙරට බාහිර පරිසර පද්ධතියට බැහැර වූයේ නම් මෙරට ඌරු කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වීමට බරපතළ තර්ජනයක් වන බවද පශු වෛද්‍ය අංශ සඳහන් කරයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

විශේෂ පාර්ලිමේන්තු දිනයක් පැවැත්වීමේ තීරණයක්

Published

on

By

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව ඇත. 

මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබේ.

Continue Reading

පුවත්

නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (20)  සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග සිට එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved