Connect with us

පුවත්

“රටේ ආර්ථිකය තවමත් යහපත් නෑ: ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට නම් වාසියි”

Published

on

මේ රටේ වංචා දූෂණ අඩු කර ගත යුතු බව අයි.එම්.එෆ්. එකත් ලෝක බැංකුවත් දිගින් දිගටම කියන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා කියයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී,

“අද අයි.එම්.එෆ්. ණය වාරිකය ලැබුණම වීරයෝ වගේ කෑ ගහනවා. නමුත් රටේ ආර්ථිකය තවමත් යහපත් වී නැහැ.

අද ජනතාව ඉන්නේ විශාල පීඩනයක. ඒ නිසා මේ මොන දේ ලැබුණත් ඒක ජනතාවට දැනෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට නම් ඒකේ වාසිය ලැබිල තියෙන බව පේනවා.

ඒ අයට විදේශ සංචාර සුඛෝපභෝගී වාහන පහසුකම් ලැබිල තියෙනවා. නමුත් රටේ ජනතාවට කිසිදු සහනයක් ලැබී නැති බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දෙයි.”

(සිළුමිණ)

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved