Connect with us

පුවත්

“රටේ සම්පත් හොරා කාපු අයව රනිල් ආරක්ෂා කරන්න හදනවා”

Published

on

තම රජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපරිමයෙන් සුරක්ෂා කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසුවේය.

විපක්ෂනායකවරයා සඳහන් කළේ, කුප්‍රකට ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන මැතිවරණ කල් දමන සංස්කෘතියට තිත තබා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ශක්තිමත් කරමින් කලට වේලාවට ජනතාවට ඡන්ද බලය දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂා කරන බවය.

ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අයිතිවාසිකම් ද රටේ මූලික අයිතිවාසිකම් බවට පත් කරන නව ව්‍යවස්ථාවකට මුල පුරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හොටලයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කලේය.

බලයක් නොමැතිව විපක්ෂයේ සිට සක්වල හා හුස්ම වැඩසටහන තුළින් වැඩක් කර පෙන්වා ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කලේය.

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ දින සිට නොනිදන සංවර්ධනක් කරා රට මෙහෙයවන බවත්, ඉදිරියේ ක්‍රියාත්මක රාජ්‍ය පාලනය හිතවත්කම් වෙනුවට විද්‍යාත්මක කුසලතාව කේන්ද්‍ර කර ගත් දක්ෂයන් කණ්ඩායමකට භාර දෙන බවත් ඔහු සඳහන් කලේය.

රටෙන් අඩක් දුප්පතුන් බවට පත්ව ඇති බවත් නිවසේ ආහාර හා ආහාර නොවන වියදම් සපුරා ගත නොහැකිව මහා පීඩනයකට ලක්ව ඇති බවත් ඔහු කියා සිටියේය.

එවැනි තත්ත්වයක් තුළ පැහැදිලි කාල වකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ සාර්ථක වැඩසටහනක් රටට ලබා දෙන අතර, ඒ යටතේ ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනය ආදී ප්‍රධාන ගුණාංගවලින් සමන්විත වැඩසටහනක් කරා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සම්පත් හොරා කෑ අය නිදැල්ලේ සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට වත්මන් ජනාධිපති කටයුතු කරන බවත් ඔහු සඳහන් කලේය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved