Connect with us

පුවත්

රට බංකොළොත් කළ හේතු සොයන කමිටුව හමුවට කබ්රාල් යළි කැඳවයි

Published

on

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද (06) යළි කැඳවා තිබේ.

එම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී – සාගර කාරියවසම් මහතා පැවසු පරිදී  අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා දුන් ප්‍රකාශය පිළිබඳව අද දිනයේ කාරක සභාවේ සාමාජිකයින් ප්‍රශ්න කරනු ලබයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා කාරක සභාව හමුවේ පවසා තිබුණේ රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම කුමන්ත්‍රණයක් බවයි.

මේ අතර රට බංකොලොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විගණාකාධිපතිවරයාද කැඳවීමට තීරණය කර ඇත.

රට බංකොළොත්වීම පිළිබඳව ඔහු විසින් සකස් කළ වාර්තාවක් පිළිබඳ කරුණු විමසීම එහි අරමුණයි.

(මුලාශ්‍රය – නිව්ස් ෆස්ට්)

පුවත්

අයවැය හිඟය රු බිලියන 2,200ක්

Published

on

By

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200කි.

මෙම අගය දේශීය හා විදේශීය ණය ගැනීම් හරහා පියවා ගැනීමට නියමිතය.

කෙසේවෙතත් මෙවර රු. බිලියන 700ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගනිමින් අයවැය ඉදිරිපත් කර තිබේ. 

Continue Reading

පුවත්

අයවැය කතාව – 2025

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී සිය මංගල අයවැය කතාව පැවැත්වූයේය.

ජනාධිපතිවරයා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහතින්

Continue Reading

පුවත්

බේස් නයිට් ක්ලබ් එකට විස්කි සප්ලයි කර ඇත්තේ ලක්පහන ඔටෝ

Published

on

By

වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය මත්පැන් ගෙන එන ලද නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ලක්පහන ඔටෝ (Lakpahana Auto) වාහන ආනයන කොටස් අලෙවි සමාගමේ කළමනාකාරවරයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බව පොලිසිය කීය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ. ඒ උදයකුමාර මහතාගේ සැලසුමකට අනුව දෙල්කඳ පිහිටි අදාළ වාහන අමතර කොටස් අලෙවි සමාගම පෙරේදා (15) වැටලීමට ලක්කර තිබිණි.

මෙහි මත්පැන් තොග වශයෙන් සඟවා තබා කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපා රිකයෙක් විසින් කොල්ලුපිටි හා කොට්ටාවේ පිහිටි බේස් (BASE) රාත්‍රි සමාජ ශාලා වෙත රැගෙන යන බවට සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

තීරුබදු නොගෙවා මෙම මත්පැන් ආනයනය කිරීම මගින් රජයට විශාල ආදායමක් අහිමි කර ඇති බවත් සැකකරු විදේශීය මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත බාරදී ඇති බවත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.

පොලිස් මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved