Connect with us

පුවත්

රට හංගපු ඩොලර් රාජසන්තක කිරීමට නීති

Published

on

දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් සොරකම් කරන ලද හෝ අපරාධවලින් උපයාගෙන විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත මෙරටට ලබාගෙන රාජසන්තක කිරීමට හැකිවන නව නීතියක් පැනවීමට රජය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව මෙම නීතිය පැනවීමට රජය අපේක්ෂා කරන බව දැනටමත් මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

2024 මාර්තු මාසය වනවිට මෙකී නව නීතිය කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිඥා දී ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

දැනට ප්‍රකාශ වී ඇති වාර්තා අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක කළු මුදල් විශුද්ධිකරණය කිරීමට විවිධ රටවල ගිණුම්ගත කර හෝ ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇති දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් ගැන තහවුරු නොකළ වාර්තා රජයට ලැබී තිබේ.

පැනමා පත්‍රිකා, පැන්ඩෝරා පත්‍රිකා ආදිය මගින්ද මෙබඳු කළු සල්ලි ආයෝජකයන් ගැන තොරතුරු වාර්තා විය.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved