Connect with us

පුවත්

රන්ජන්ට උසාවියෙන් දැඩි අවවාද

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබේ.

ඒ මහතා ඊයේ (22) නීතිඥයෙකු මාර්ගයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු එම වරෙන්තු නියෝගය එසේ ආපසු කැඳවනු ලැබීය .

කටුගස්තොට ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට විවාහා පොරොන්දු දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2010 වසරේදී මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරුණි .

ඊයේ (22) ඒ මහතා අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කොට මීළඟ නඩු දිනය වන සැප්තැම්බර් මස 06 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

(අද)

පුවත්

DJ එකක් නිසා පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

Published

on

By

අඟුලාන පොලිස් වසමේ සයුරුපුර මහල් නිවාස සංකීර්ණ ප්‍රජා ශාලාවේ පැවති විවාහ මංගල උත්වයකදී ඊයේ (11) රාත්‍රී කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහරදී තිබේ.

අඟුලාන පොලිසිය සඳහන් කරන්නේ, එම පහරදීමෙන් තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවය.

මරණකරු වයස අවුරුදු 52ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු මංගල උත්සවයේ පැවති ඩී.ජේ සංදර්ශනයක් අතරතුර ශබ්ද විකාශන යන්ත්‍රයක ශබ්දය අඩු කරන ලෙස පවසන අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදු කර ඇති බවටයි දැනට සිදු කල විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Continue Reading

පුවත්

ඡන්දෙට කලින් අපේක්ෂකයින්ගේ සුදුසුකම් දැනගන්න අවස්ථාවක්

Published

on

By

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සුදුසුකම් මහ මැතිවරණයට පෙර ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසෙන ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා පැෆරල්, මාර්තු 12 ව්‍යාපාරය සහ  ඩිජිටල් තාක්ෂණ සමාගමක් ගිවිසුමකට එළැඹ තිබේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, 225 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත මෙවර මැතිවරණයට 5000 ක් පමණ අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත්වී ඇති අතර ඔවුන්ගේ තොරතුරු ජනතාවට දැන ගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙන බවය.

මෙම තොරතුරුවලට අපේක්ෂකයින්ගේ නම, වයස, ඉහළම අධ්‍යාපන සුදුසුකම, වෘත්තීය තොරතුරු, ආදායම් මාර්ග, දේශපාලන පක්ෂය, දිස්ත්‍රික්කය, මනාප අංකය, වත්කම් බැරකම් ප්‍රකාශ, දේශපාලන පළපුරුද්ද, පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අරමුණ, ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ ඇයිද යන්න පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට නියමිතය.

මේ හරහා ඡන්ද දායකයින්ට දැනුවත්ව තමන්ගේ ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට හැකියාව ලැබෙන බවත්, මේ සඳහා අපේක්ෂකයින්ගේ තොරතුරු ලැබීමට සලස්වන ලෙස සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading

පුවත්

කඩවතින් අධිවේගයේ එන වාහන කඩුවෙලින් පිටවීම නවතයි

Published

on

By

කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම නිසා ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙනි.

ඒ අනුව, කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබාදී ඇති අතර සැහැල්ලු වාහන සඳහා අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved