Connect with us

පුවත්

රන්ජන් ඡන්දය ඉල්ලන්නේ “ලයිකා මොබයිල්” පක්ෂයෙන් ඕෂලගෙන් චෝදනා

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (09) තම අලුත් පක්ෂය යයි හඳුන්වාදුන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ (United Democratic Voice) පක්ෂය මීට පෙර හඳුන්වනු ලැබුවේ එක්සත් කොංග්‍රස් පක්ෂය ලෙස යැයි සමාජ ක්‍රියාකාරියකු වන ඕෂල හේරත් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් හෙළිකර තිබේ.

එහි ව්‍යවස්ථාව ඇත්තේ දෙමළ බසින් බවත් පවසන ඔහු ඔටුවා ලාංඡනයෙන් මීට පෙර මෙය පැවැති බවද කියා සිටී.

එසේම කුප්‍රකට ලයිකා මොබයිල් සමාගම මෙහි මුදල් ආයෝජකයා බවද ඔහු සඳහන් කරයි.

මේ අතර, මැතිවරණ කොමිසමේ පිලිගත් දේශපාලන පක්ෂ තොරතුරු ඇතුළත් පිටුවෙහි ඇතුළත් නිලධාරී මණ්ඩලයේ ලේකම් ලෙස නම ඇතුළත්ව ඇත්තේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකාර සමාගම ලෙස කටයුතු කරනු ලබන බෙන් හෝල්ඩිංග්ස් සමාගමේ (Ben Holdings Pvt)  සමූහ අධ්‍යක්ෂ ගෝවින්දසාමි ජයසීලන් මහතාගේය.

ජයසීපන් මහතාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිෂ්කාශන සහතිකයක් ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙක් බවද මේ අතර වාර්තා වේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved