හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරාජය පිටුපස සිටින්නේ මෙවර සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින පිරිසක් බව එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ආශු මාරසිංහ මහතා පවසයි.
ඔහු අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක අදහස් පල කරමින් කියා සිටියේ, සිලින්ඩරයෙන් මෙවර ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ සිටින වැඩි පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතු බවය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශ කළ, ජනාධිපතිවරයාව පවා හමුවීමට අවස්ථාව නොදී පවුරු බැඳ සිටි පිරිසක් සිටිනවා ඒ අය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්විය යුතු බව ඔහු කියා සිටියේය.
එම පිරිස් ජයග්‍රහණය ලැබුවාහම ඔළුව උදුම්මා ගෙන සිටින බවත් එවැනි අය පරාජයට පත් විය යුතුම බව ඔහු මෙහිදී පවසා සිටියේය.
එවැනි පිරිස් පරාද වී සැබෑ එක්සත් ජාතික පක්ෂයේ අය පාර්ලිමේන්තු යෑවීමට කටයුතු කළ යුතු බව ආශු මාරසිංහ මෙහිදී කියා සිටියේය.
තවද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ අවස්ථා වලදී පෙනෙන්නටවත් නොමැති බව ඉදිරියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත් කිරීමට කටයුතු කරන බව ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය